Tuesday, December 17, 2013

සංසාරයට ම බැඳෙමි!

අදෘශ්‍යමාන හස්තය
මා හිස එබූ විට දිය කඳ තුළට
කොතරම් වැර වීරිය ගත්තද
හිස ඔසොවා ගත නොහැක මට

සෙමෙන් වුව ද
ශාන්ත නො වූ මරණය වෙත
හිත නිදහස් කර ගත යුතුය!
වේදනාබර ක්ෂතියක් වුව ද
මොහොතක පමණි

මා කළ පවුකම් විශාලය
එනමුත් ප්‍රමාණවත් නැත
අපායේ මාවතේ කෙළවර දොරටුව වෙත
යෑමටය මගෙ අන්තිම කැමැත්ත

දෙව්ලොවට ගොස්
අනෙකාගේ ආශාවේ ගිලෙනවට වඩා
සුපුරුදු එනමුත් මගේම වූ සෘජු අපා දුක්
මට සැපය! මට සදා සැපය!!
දුකම ප්‍රිය කරමි
සංසාරයට ම බැඳෙමි!

ඩෝසන් ප්‍රීති
18/12/2013

No comments:

Post a Comment