මහ මල්ලි අයියා ආ ගිය තැන්
ඔහු බිමට පාත්වී කඩුපුල් මලක් සේ ඉතා පරිස්සමින් දෝතින් ගෙන අනුකම්පාවෙන් කුමක් දිහා බලන්නේදැයි වටහා ගත නොහැකිවිට, අන්වීක්ෂයේ අධිබලය යොදා සියුම් සීරු මාරුව කරකවා පැහැදිලි කරගන්නාක් මෙන් ඇස යොමු කළ විට ඒ සුදු පරවියෙකුම බව පැහැදිලිය. මෙතෙක් වෙලා සමුපකාරයේ බිත්තියට ඇනතියා ගෙන මේ සුදු පරවියන්ගේ දම්බරය දෙස බලාගෙන සිටි මහ මල්ලි අයියා...
"මොනවා බෙදාගන්න බැරුව කොටාගන්නවාදැයි" කල්පනා කරමින් පරවියාගේ ගෙල කෙලින්කර බැලීය.
"අනේ පව් කවුරු වුනත් තවත් ප්‍රාණයක්නේ"
තවදුරටත් පරවියාගේ සිරුරේ ප්‍රාණය නොරැඳී ඇති බව වටහා ගත් මහා මල්ලි පරවි මළ කඳ සමුපකාරයේ කොට බිත්තිය මත තබා, මෙතෙක් බිත්තිය මත තිබූ කුකුල් මස් කිලෝව දැමු ටියුලිප් බෑගය අතට ගෙන මෙතෙක් විනාඩි විස්සක් කාලය කා දැමූ ලෙසටම බිත්තියට ඇන තියා ගෙන බස් රථයක් එනතුරු කල්පනා කරන්නට විය.
මාළු චූටිගේ මාළු ලෑල්ල පිටුපසින් ගලා යන නගරයේ බොහෝ රහස් දන්නා කළු පැහැති, හයිඩ්‍රජන් සල්ෆයිඩ් සුවඳ ගසන කුණු කානුව අසල "බෑ බෑ" කියමින් මරහඬ දෙන එළුවන් රංචුවක් පොරකන්නේ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම මුලින්ම අපට ඉගැන්වූ සේනාරත්න සර්ගේ පොස්ටරයක් උලා කන ගමන් බව පෙනිණ. මහමල්ලි උසස් පෙළ පන්ත්තියේ සිටින විට සේනාරත්න සර් ඉගැන්වූයේ දේශපාලන විද්‍යාවයි. විශ්ව විද්‍යාලයෙන් පිටවී පළමු රැකියාව ලෙස ගුරුපත්විමක් ලබාගෙන දියවිද්දාගම මහා විදුහලට එනවිට මහමල්ලි යන්තම් හයයි තුනක් ගැටගසාගෙන ගණිතය ලබන අවුරුද්දේ පාස් වන බවට පොරොන්දු වී විදුහල්පති තුමාට පසඟ පිහිටුවා වැඳ අවසර ලබාගෙන ඉතා අමාරුවෙන් උසස්පෙළ පන්තියට ආවා පමණි.
නිදහස් අධ්‍යාපනය දැන් ධනවාදී පාලකයන් විසින් මුදලට විකිනීමට සුදානම් වන බවත් විශ්වවිද්‍යාලයේදී දිවිහිමියෙන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට සටන් කළ ආකාරයත් සේනාරත්න සර් පන්තියේදී විස්තර කරන විට මහ මල්ලිගේ ඇඟ පුරා ඇති සෑම ලොම් ගසක්ම කෙලින් සිටගත් ආකාරය අදටත් දිය පිට ඇඳි ඉරක් සේ මතකය.
චේගුවෙරා බොලිවියාවේදී තම මරණය තෙක් සටන්කර මියැදෙන කතාව කියන සංවේදී විලාශයට සේනාරත්න සර් කොතරම් මානව හිතවාදියෙක්දැයි මහමල්ලි පාසැල ඇරී ගෙදර යනතෙක් පමණක් නොව හවස වෙල්යාය මැදින් ගඟ අද්දර වඩු කුරුළු කූඩු එකතු කරන්නට යන විටද මිතුරන් සමග කතා කරයි. මහ මල්ලි ඇතුළුව උසස් පෙළ පන්තිය ආරම්භ කරන විට එහි සිටියේ පිරිමි ළමුන් හත් දෙනෙකු සහ ගැහැනු ළමුන් පස් දෙනෙකු පමණි. සේනාරත්න සර් හවස පන්තියක් පටන් ගන්නේ මේ ළමුන් දොළොස් දෙනාට නොමිලේ ඉගැන්විමටය. උගන්වනවා පමණක් නොව පන්ති ඇරී හවස බෝඩිමට යන අතර වාරයේ එක ළමයෙකු හෝ බයිසිකලයේ පොල්ලෙ තියාගෙන යාමටද අමතක නොකළේය. ඒ සියල්ල සිදු වුයේ දැනට අවුරුදු දොළහකට පමණ පෙරය.පාසල් කාලයේ සිදු වූ මේ හැම සිද්ධියකම අග සිට මුලටත් මුල සිට අගටත් මතක තිබෙන මහ මල්ලීට විභාගයකට වාඩි වූ විට දැනෙන්නේ නින්දෙන් අවදි වී ඇස් අරිනවාත් සමගම වොට් පන්සීයක විදුලි බුබුලක් මුහුණට ඇල්ලු විට දෑස නිලංකාරවනා සේ හැඟීමකි.
මුලින්ම සේනාරත්න සර් ටියුෂන් පන්තියක් පටන්ගන්නේ මහියංගනය නගරයේය.නිදි වරාගෙන සේනාරත්න සර් සමග ෆුට් සයිකල් වලින් ගොස් මහියංගනයේ සිට දෙහි අත්තකන්ඩිය දක්වා තිබු සෑම බෝක්කුවකම "දේශපාලන විද්‍යාව - සේනාරත්න සර් " යැයි රෑ එළි වෙනතුරු පෝස්ටර් ඇලවූ මහ මල්ල්ලිට එළුවන් පොස්ටර ඉරා කනු දැකීමෙන් මල පැන්නේය. ඒත් අවුරුදු එකොලහකට පමණ පෙර ඇලවූ ස්ක්‍රීන් ප්‍රින්ටින් පෝස්ටර් මේ එළුවන් කනවා මහා මල්ලිට මතක නැත. සමහරවිට ඒවායේ පින්තුර නොමැතිව අකුරු පමණක් තිබු නිසා හෝ වර්ණ හතරේ ඕෆ්සෙට් ඒවා නොවූ නිසා හෝ එළුවන් ඒවා නොකන්නට ඇතැයි මහ මල්ලිට සිතෙයි. බිම සරුවට වැඩි ඇති හරිත වර්ණ තණ කොළ ටික බිමට සමතලා කරමින් ඒ මතම හිටගෙන චේගුවෙරාගේ පින්තුරය සහිත සේනාරත්න සර්ගේ හතර වර්ණෙ ඕෆ්සෙට් පෝස්ටරය උලා කන එළුවන් රංචුව දිහා උපේක්ෂාවෙන් බලා සිටින මහ මල්ලිට අල්ලපු ගෙදර නිලුෂා දුව මතක්විය.
මතු සම්බන්ධයි

No comments:
Post a Comment