Tuesday, December 17, 2013

මම

සොයමි මම යථාර්තය
නොදැන එය කුමක්දැයි
සියළු දේ මා කරන
සඟවාගෙන
සිත්පතුලෙහිම.................

සියලු දේ යහපත්ව
වියයුතුය සිතාගෙන
දෙමි ලොවට උපදෙස් ......

මගේ දරු පරපුරද
මිතුරු නෑදෑ  හිතවතුන්
සහ
පිරිවරද අනෙකුත්
වියයුතුය සුදනන් .............

සියළු චාරයන් දුරා
කැපය මාහට,
නමුත් සියළු පරයන්
පිළිපැදි යුතුය
පන්සිල්............................

හැදිණි දින සියලුදෙන
මගේ සිතුවිලි අසැබි
පලායනු මිසක
මෙලොවින්
හැකිද වනසන්නට
සිව්මහා පරපුරම .............

No comments:

Post a Comment