නැති වුණු ආදරයක් වෙනුවෙන් - හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුනු හදවත් එකිනෙක අමතා - කියන කතාවයි මේ
සුදෝ ........... මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි
සිතින් පලා ගිය එක් ආදරයක් - දිහා කඳුලු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවර කළා
සුදෝ............ මම ආදරෙයි සුදෝ මම ආදරෙයි
ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ .......... මම ආදරෙයි සුදෝ මම ආදරෙයි
සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙළෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් ආදරෙයි
ඔබට මම ආදරෙයි
මුල් ගායනය: සුජාතා අත්තනායක
තනුව: ලයනල් අල්ගම
පද: ගාමිනිි ෆොන්සේකා
චිත්‍රපටය: මයුරිගෙ කතාව
මේ ගායනය: ඩෝසන් ප්‍රීති
No comments:
Post a Comment