නතර වුනු හද ගැස්ම
හුදකලා මැදියමක
තරු එලිය පරදමින්
සඳ නැගුනු රාත්‍රියේ
අවදි කර නැවත ඒ
හදවතට පණදෙන්න
හඬ තලන රැහෙය්යන්
උඩු බුරණ සුනඛයන්
රෑ පුරා නිදි වරව
කොතෙක් උත්සහා කළද
සඳ මැකී අලුයමද
උදාවිය මොහොතකින්
මිය ඇදුනු හදවතට
පන දෙන්න මොහොතකට
නොතබාම ඉඩ හසර
වැලලුවද පොළොව යට
මස් වැදලි ගඳ ගසන.
නැවුම් අතු රිකිලි ගෙන
සොහොන් කොත දෙපලු කර
නැගී සිටි වෘක්ෂයම
වසා ගෙන සතර අත
විහදුවා අතු පතර
සෙවන දුණි හදවතට
හඬක් සේ උපදින්න
- ජානක ගුණතිලක
හිත තාමත් අවදියෙන් නේද ජානක......................
ReplyDeleteහදවත මැරිලා ගොඩක් කල්
Deleteඅමතක කන්ද මතකෙට නැගිණි
ReplyDelete