වැරදුනා ඉලක්කය දෙවරක්ම
සැගෙව්වා තුවක්කුව පොළව යට
පැලවෙන්න දළු දමා ඵල බරව
සිටියේය සිහිනයක ඉන් පසුව
නෙලන්නට ගල් කටස් පිස්තෝල
තබන්නට එක පෙලට වෙඩි උණ්ඩ
වීදි වල උන් එවුන් හැංගිලා
කඩ වීදි භීතියෙන් ඇලලිලා
ගෙවල් වල ඉටිපහන් ගොස් නිවී
වල් වැදී සරු කෙතම වැනසිලා
දිය කඩිති සිඳී ගොස් වියලිලා
සතර දිග විනාශව ඉරිතලා
අත වැනුව සා ගින්න මරබියෙන්
ගත වුනත් කාලයක් ඉන් පසුව
දැමුවත් සරු පොහොර නිරතුරුව
තෙත් කලත් මහ පොලව අනතුරුව
මතු නොවින කිසි දිනෙක අංකුරය
හෑරුවා යලි පොලව වෙෙරයෙන්
ගොඩ ගන්න තුවක්කුව ඒ වලෙන්
මල බැඳී විනාශව පස් ගොඩෙන්
මතු උනා අවශේෂ කුණු වලෙන්
- ජානක ගුණතිලක
No comments:
Post a Comment