Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Saturday, June 6, 2020

වීදුරු - කෙටි කතාව 13



පසළොස්වක ගෙවිල දවස් තුනක් වුන නිසා හඳ එළිය ඉස්සරහ කන්දේ ගස් අතරින් රිංගනකොට රෑ  දහය විතර වෙලා තිබුනා. මෙච්චර වෙලා උඩු බැලි අතට හාන්සි වෙලා අහසේ තරු ගණන් කරපු මට  තේරුණේ පොඩියට පත්තු වෙමින් තිබුණු තරු එක පාරම නොපෙනී යනව කියල . අඩි  දහයක් විතර උස කණු හතරක ආධාරයෙන් හදල තිබුණු ඒ අට්ටාලයට ගමේ මිනිස්සු කිව්වේ බංකරය කියල. බංකරය ගෝනි පඩංගු වලින් හතර පැත්ත ආවරණය කරලා තිබ්බට තුන් පැත්තකින්ම කවුළු තිබුනා එලියට ඔලුව දාන්න පුළුවන් තරමෙ. ඒ එක්කම හඳ එළිය  බංකරයට ඔලුව දැම්මේ වහලේ එල්ලලා තිබුණු ලන්තරුමේ එළියත් අඩු කරගෙන. තවමත් මීදුම කඳු වලට පහලින් නිම්නයෙන් ගලා  යන උමා ඔයත්, දෙපස වෙල්යායත් විතරක් වහගෙන තිබුණ. අර්තාපල් යායේ සුදු පාට මල්  අහසේ තරු අතුරල තියෙනවා වගේ ලස්සනට බැබලුනේ පොඩි කාලේ කියවපු කතන්දර පොත් වල තිබබ මල්වැටුණු කෙළවරක් නොපෙනෙන සේලයක් වගේ. කඳු පාමුල ඉදල මිදුම ගලාගෙන ඇවිල්ල මේ සෙලයේ  බාගයක් වහගන්නකොට මම  කවුළුවෙන් එලියට ඇවිදගෙන ගියේ වලාකුළු අතරින් මිදුම් කැටි දියවෙන තරමේ ඝර්ශනයක්වත් ඇති නොවෙන විදිහට. දෙපසින් දුහුල් රෙදි  වලින්  නිරුවත අඩක්  වසාගත් ඇත්දළ පැහැති චවි කල්‍යානියෙන් යුත් කන්‍යාවියන්  පවන් සලන්නට විය. ඈත කෙළවරක මා  එන තුරු මග බලා සිටින දෙවඟන ලජ්ජාවෙන් මුහුණ බිමට හරවාගෙන සිටින්නීය. සිතේ තෙරපෙමින් තිබු බොහෝ දේ කියන්නට පෙරුම් පුරා අවසානයේ ඒ මොහොතට ලඟා  වී ඇති බව මට   වැටහිණ. ඒත්  තියෙනවා නෝක්කාඩුවක්.

"ඇයි ඔයා වෙනදට මං ලංවෙනකොට  වලාකුල් අතර හැංගෙන්නෙ? "

"ඔයාගේ වයලින් වාදනය ගොඩක් ලස්සන වෙන්නේ ඒ වෙලාවට"

"ඒ කියන්නේ ඔයා වැඩියෙන්ම සතුටු වෙන්නේ මම අඬන වෙලාවටද?"

"අනේ මම කොහොමද ඒකට උත්තර දෙන්නේ, මම වලාකුලෙන් බැහැල ආවේ ඔයාගේ වයලින් වාදනය අහන්න, ඒත් ඔයා  ඒක වයන්නේ දුකට නම් මම කොහොමද ඒක විස්තර කරන්නේ? "

"ඒත් ඔයා ඉන්නේ වයලීන් වාදනය ඇතුලේ නම්? මම ඒක නවත්වපු දවසක ඔයා ආයෙත් ඈත අහසේ මන්දාකිනියක නවතිනවා කියන එක නේද? , "

"ඔයාගේ වයලින් වාදනය මට මුලින්ම ඇහුනේ අර රෑ එලි වෙනකන්ම ඔයා ඒක වයපු දවසේ? මතකද ඔයාට ඒ දවස? ඒ තරම් මිහිරි සංගීත නාදයක් මං  කවදාවත් අහල නෑ "

"ඔව් ඒ මාස තුනකට  විතර ඉස්සෙල්ල, එදා තමයි මම ජිවිතේ දුකින්ම හිටපු දවස. අප්පච්චිගේ හත් දවසේ දානේ ඉවර වෙලා , මායි  ටෙරියයි පැල් රකින්න ආපු මුල්ම දවස.

"කෝ අප්පච්චි?"

"ඇයි ඔයා දන්නේ නැද්ද? මම හිතුවේ ඔයා මං ගැන හැම දෙයක්ම දන්නවා කියල"

“ කමක් නෑ මං කියන්නං, අප්පච්චිට දළ ඌරා ගැහැව්වා, ටෙරියයි මායි ළඟ ඉද්දිම. ටෙරියනම්  නම් දකින්න ඇති සිද්ධිය හොඳට. ඒත් ටෝච් එක තිබ්බෙත් අප්පච්චිගේ අතේ නිසා මම දැක්කේ ඌ එනවා විතරයි, මට තේරෙන්නේ නෑ,ඔයා සතුටු වෙන්නේ මං දුකින් ඉන්නකොට නම්  "

"මං එහෙම කියන්නේ නෑ"

' අපේ  අම්මා කියන්නෙත් උඹට පුළුවන් ඔය හිරමනේ අතුල්ලන්න විතරයි  කියල‘

“ ඉතින් ඒක කොච්චර හොඳ  දෙයක්ද ?“

“ නෑ එහෙම කියන්නෙ මම ඒ  ලෙවෙල්  විභාගෙන් සංගීතේ විතරක් ෆේල් උනේ නැති  නිසා“

" ඒයි නැගිටපන් _ත්තෝ"

සමීරය  මම පෙරවාගෙන හිටපු රෙද්ද ඇදල විසිකරන  ගමන් බෙරිහන් දෙන්නට විය. 

"මොකද යකෝ ? "

" තෝ මෙතන ඉහින් කනින් පොරවාගෙන නිදි, අන්න පහළ කෑල්ලටම ඌරො ගහල"

ගැරඩියෙක් හුඹහින් එලියට ඔලුව දානවා වගේ මං බැලුව ගෝනි පඩංගු දෙක මෑත් කරලා වත්ත දිහා, එකේ ගන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නෑ. 

"උඹට  මේ අල හැදිල්ල  හරියන්නේ නෑ බං , බලපන් තාත්තගේ තුන් මාසේ දානේ දෙන්නත් කලින් වියදං  කරපු ඒවගෙන් බාගයක් ඉවර වෙලා ගියානේ,  උඹ ආයේ විභාගේ කරපං, උඹ අර විදුරු  රාජගේ කෙල්ල පස්සේ වැටුනේ නැත්තං ඔය විභාගේ කරගන්නවනේ  ගිය වතාවෙම"

*  *  *

"සුසන්ත , සුසන්ත, දොර ඇරපන් ඉක්මනට"

හවස ඉඳල  ඇද හැලෙන නිලි වැස්සත් , මුළු පරිසරය වසාගත් මීදුමත්,  රාත්‍රී අන්ධකාරයත් මැද  රෑ දහය හමාරට විතර,  ටිකකට ඉස්සෙල්ල හොඳට බීල ගෙදර යනවා කිව්ව සමීරය  දොරට තඩිබානවා. 

"හිටපන් බං , ඔය දොර කඩන්නේ නැතුව මට ඇහෙනවා, වීදුරුවට දාගත්ත එක කටට දාගන්න දෙන්නේ නැතුව මොන මගුලක් නටනවද ? " 

"දොර ඇරපන්කෝ ඉක්මනට, මං කියන්නම්"

" ඒකනේ කියන්නේ තොපිත් එක්ක බොනවට වැඩිය හොඳයි තනියම වහ ටිකක් බොන එක  කියල, උඹලත් එක්ක බිව්වොත්  ලෙඩක්, දැන් උඹ ගියේ ගෙදර යනවා කියලනේ  "

" නෑ බං මං සිගරට් දෙකක් ගන්න රාජාගේ  කඩේට යනකොට අන්න ඌ  දුලිෂාට තඩි බානවා, ගෙදරින් එලියට දානවා කියල "

" ඒ මොන _ත්තකටද ? "

" මොන _ත්තකටද නෙවෙයි, තෝ ඒකිව සන්ජුවගේ රෙස්ට් හවුස් එකට ඇදපු එක රාජාට  කව්ද කියල බං"

 " මල _ත්තයි, මං යනවා "

" තෝ කොහෙද යන්නේ?"

" යකෝ ඒකි ගුටි කනකන් මට බලන් ඉන්නද  කියන්නේ?"

" එහෙනං උඹ ඒකිව අරං එන්නද යන්නේ? "

" මොන මගුලක් හරි කරන්න යන්න එපැයි "

ඌ නමට විතරයි වීදුරු  රාජා වුනේ, උගේ අයියා  පළාත් සභාවේ මන්ත්‍රී, උගෙත් අයියා ඉස්සර පාර්ලිමේන්තුවේ ඉඳල, පස්සේ ඡන්දෙ පැරදුනාම දැන් මොකක්දෝ සංස්ථාවක සභාපති කෙනෙක්ලු. කරන්නේ හෝටලයක්, විකුනන්නේ හොර අරක්කු, ඕනි රට බීම බෝතයක් උනත් ගන්න  බාර්, රෙස්ටුරන්ට් තියෙන   ටවුමේ  හොදම පොට් එක. හෝටලේට අල්ලපු කඩේ විදුරැ විකුණන එකක් , ඒක උගේ අයියගේ,ඒකේ වීදුරු කපපු එක තමයි මූ ඉස්සර කරලා තියෙන්නේ. හවසට උණු උණුවේ බාන පාන්වල සුවඳට  මිනිස්සු එතැනට එනවා කියල තමයි නොදන්නා එකෙක්ට හිතෙන්නේ, ඒ වුනාට  රාජා දන්නවා ඕනි එකෙක් කැෂියර් කූඩුව දිහා බලන විදීහෙන් ඌට  ඕනි පාන් ද  , ෂොට් එකක් ද කියල. හෝටලේ තනිකරම දුවන්නේ රාජයි, උගේ පවුලයි, දුලිෂයි එක්ක . 

දුලිෂා කිව්වේ රජාගේ දුව. ටියුෂන් පන්ති යන දවස් වල අපි රජාගේ හෝටලේට යන්නේ පන්ති දෙකක් අතර විනාඩි පහළොවේ ඉන්ටර්වල් එකට රෝල් එකක් කාල, ප්ලේන්ටියක් බීල  එන්න. අපි ඕලෙවෙල් කරන කාලේ දුලිෂ හිටියේ හතේ හරි අටේ හරි පංතියේ , කොල්ලෝ ඔක්කොම රාජාගේ කඩේට තේ බොන්ඩ යන්නේ බඩ ගින්නටම නෙවෙයි, ටවුමේ වෙන කඩ නැති හින්දත් නෙවෙයි, දුලිෂාව බලන්න. ඒ කොච්ච්චර කඩේට ගියත්  රාජා තේ පැන්ට්‍රිය පැත්තට ගිය වෙලාවක විතරයි කැෂියර් එකේ ඉන්න දුලිෂා දිහා බලන්න අවස්ථාව එන්නේ, හරියට කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ, මොකද රාජා නැත්තං දුලිෂා ඉන්නේ නමුනුකුල අක්කත් එක්ක. නමුනුකුල අක්ක කියල කියන්නේ රජාගේ ගෑණිට, හැමෝම එහෙම කියන්නේ කඩේ නම නමුනුකුල හෝටලය කියල ඉස්ස‍ර පොල් සයිස් අකුරෙන් ලියල, වටේට ටියුබ් ලයිට් එල්ලලා, නත්තලට එල්ලන බල්බ් වැලකුත් දාල තියෙන නිසා. හැබැයි එතකොට ඒ ලෙවෙල් පන්තිවල හිටපු කොල්ලෝ කිව්වේ රාජා, අක්කගේ තන් දෙක ඉස්සෙල්ලාම දැකපු දවස මතක්ව වෙන්න තමයි ඔය නමුනුකුල කියන නම හෝටලේට දැම්මේ කියල. ඒක ඇත්ත වෙන්න ඇති කියල අපිටත් හිතුණා.

 අක්ක එච්චරටම හැඩයි, ටවුමේ ඩියුටි ඉන්න පොලිස් රාලහාමිලගේ පටන් , බස් ස්ටෑන්ඩ් එකේ ටයිම් කීපර්ල, අපේ ටියුටරියේ අයිති කසුන් සර් විතරක් නෙවෙයි සිංහල උන්ගන්නපු සෝරත හාමුදුරුවොත් මේ නමුනුකුල හෝටලේටම  එන්නේ අක්කව බලන්න කියල තමයි අපිටත්  හිතුණේ, මොකද මොඩර්න් විදිහට විදුරු දොරවල් දාල, මැස්සෝ එනවට ලයිට්  ට්‍රැප් තියල, අතින් අල්ලන්නේ නැතුව පේපෙර්  සර්වියට් එක්ක ලස්සසනට  පේස්ට්‍රි විකුණන සිල්වා අංකල්ගේ කැෆේ  එකට යන්නේ පංතිවලට එන කෙල්ලෝ විතරමයි වගේ, අහම්බෙන් වගේ තව කෙනෙක් දෙන්නෙක් යනවා ඇති.

 මුල් දවස් වල ප්ලේන්ටියක් ගහන්න ගියාම අපෙන් ගන්නේ ප්ලේන්ටියටයි රෝල් එකටයි දෙකටම රුපියල් හතලිහක් උනාට, කඩේ ඇතුලේ ඉඳල ඇවිල්ල ප්ලේන්ටි එකයි කියන බස්කොන්දොස්තරලගෙන් ඩ්‍රයිවර්ලා ගෙන් විතරක් නෙවෙයි ගොඩ දෙනෙක්ගෙන්ම.

 " ප්ලේන්ටි එකයි" 

කිව්වම රුපියල් සීයක්  ගන්නවා, ටී එකක් කිව්වොත්  දෙසීයක් ගන්නවා. හැබැයි මේ ප්ලේන්ටි වලට ටී වලට ඩබල් ට්‍රිපල් වෙලා ගන්නේ බිම්ගාස්තු කියල තමයි අපිට මුලින් හිතුණේ මොකද, ඔහොම වෙන්නේ හෝටලේ පිටිපස්ස කෙලවරේ තියෙන කාර්ඩ් බෝර්ඩ් බිත්ති වලින් වෙන් කරපු මේස වලට යන ඔරලෝසු කණුව ළඟ ඩියුටි ඉන්න බුරුසු රවුල් තියෙන පරණ පොලිස් කාරයෝ, උන් පස්සින් එන පොඩි පොලිස් කාරයෝ, කහපාට සියුරු පොරවගත්ත හාමුදුරුවෝ වගේ අයට. ඒ විතරක් නෙවෙයි  බස් ස්ටෑන්ඩ් එකේ ටයිම් කීපර්ල, ටියුටරියේ ගුරුවරු එහෙම යන්නේ ඊටත් එහායින් තියෙන "කෑමට පමණයි" කියල ලියල තිබුණ  කාමරේට, අපි කිව්වේ ඒකට ස්මෝකින් රූම් එක කියල, ඒත් අපි සිගරට් එකක් බොන්න ගියත් ස්මෝකින් රූම් එක අපිට තහනම්. ඒවාට යන වුන්ගෙන් ගන්න ගණනුත් ඒ වගේමයි.  තිස්ස කාරයාගේ ලොජික් අපි ඉගෙන ගත්තට මේවා අපබ්‍රංශ වගේ තමයි. අපේ ඒ ලෙවෙල්  කාලේදී අක්කාගෙන් සිගරට් එකක් ගත්තත් කියන්නේ,

 " මල්ලී ටොයි ලැට් එක පැත්තට යන්න " කියල.

" හා අක්කේ" 

කියල ඉතුරු සල්ලි ගන්න ගමන් හොරෙන් දුලිෂා දිහා බලාගන්න එක  තමයි දවසටම තිබුණු ලොකුම ටාර්ගට් එක. ඇත්තටම දුලිෂා හරි ලස්සනයි, 

ඒ ටොයි ලැට් එක තිබුණේ හෝටලේ පිටිපස්සේ දොරෙන් එලියට ගියාට පස්සේ, කඩ පේලියේ මායිමට තිබුණු කුණු කානුව ළඟ. මුළු ටවුමෙම එවුන්ගේ කුණු ඒකේ දියවෙලා තියෙනවා කියන එක නම් ඇත්තම වෙන්න ඕනි, ඒක තේරෙන්නේ ඒකේ තිබුණු ඉවසන්න බැරි ගඳයි, අප්‍රසන්න පාටයි නිසා. සිගරට් දුම  කොච්චර සුවඳද කියල හිතෙනවා ඒ කාණුවේ ගඳ එනකොට. මාළු මාර්කට් එකෙන් විසිකරන බොකු බඩවැල්, පොලෙන් විසිකරන කුණු වෙච්ච එළවලු, කඩ වලින් හරවපු අසුචි බට වලින් එන ජරාව, ඔක්කොම යන්නේ මෙතනින් තමයි. අන්තිමට අපිත්  සිගරට් කොටේ  ඒකටම විසිකරලා යනවා අනිත් පංතියට.

උගේ ඇස්  දෙක දිහා අපි ඒකාලේ කෙලින් බලන්නේ නෑ, ඒ එදායින් පස්සේ. මායි සමීරයයි හිටියේ ප්ලේන්ටියක් බොන ගමන්, ඉස්සරහ සෙඩ් එකෙන් තෙල් ගහගෙන බොඩිය පුරා ස්ටිකර් අලවපු ඩොල්පින් වෑන් එකක් නැවැත්තුව හෝටලේ ඉස්සරහ. ඒකෙන් බැහැගත්තේ හිරට ඩෙනිම් ඇඳගත්තු එවුන්  දෙන්නෙකුයි, එල්ලෙන වැල් තියෙන කලිසමක්  ඇඳගත්තු එකෙකුයි. උන් ඔක්කොම ඇඳලා හිටියේ ඇඟට හිරවෙන ටී ෂර්ට්, ඔක්කොම හරියට බොඩි බිල්ඩර්ලා  වගේ, සමහරවිට ආමි එකේ එවුන් වෙන්න ඇති, එක විදිහට උස මහත හින්ද. ඒත් ගම් වල රස්සාවක් නැතුව ආමි එකට ගිහිල්ල අර බඩ මැදට බෙල්ට් එක දාන උන් වගේ නෙවෙයි මුන්ගේ තිබ්බේ ඔෆිසර්ලගේ  ලෙවෙල් එකේ බොරු උජාරුවක්, සමහරවිට දියතලාවේ ට්‍රේනින් වෙන කැඩෙට් ඔෆිසර්ල වෙන්න ඇති. මුන් පොඩ්ඩක් බීලත් ඉන්න ඇති වගේ, වෑන් එකෙන් බහින ගමන්ම

 " ආ අක්කේ අපිට බීෆ් කොත්තු තුනක්  දාන්න පුලුවන්ද " කියල ඇහුවේ අක්කගේ මුණ දිහා කන්නවගේ බලාගෙන.

තවත් එකෙක්   දුලිෂා දිහා බලාගෙන ඉන්නවා අනිමිස ලෝචන පූජාව වගේ. රාජා හිටියේ බිත්තර රොටි වගයක් දාන ගමන්, ඌ බලාගෙන ඉන්නේ හරියට cctv  කැමරාවක් හයි කරා වගේ. ආව ඉස්සරහට සරම දෙකට නමාගෙන.

" ඉඳගන්න මහත්තුරු" කිව්වට මුණේ හිනාවක් තිබුනේ නෑ, කොහොමටත් ඌ   කවදාවත් හිනා වෙනවා අපි දැකල නෑ. 

රාජා කෙලිනවා ලීක්ස් ගස්,  කැරට්  අල කුඩු වෙන්න, මල පැනල කියල මටත් තේරුණා, වෙලාව හවස පහට විතර ඇති, අපි ආවේ ගෙදර යන්න ඉස්සෙල්ල සිගරට් එකක් ගහල  යන්න කියල, බොරුවට ඉස්සෙල්ල ප්ලේන්ටියක් ඉල්ලුවට. ඒත් දැන් හිතෙනවා සිගරට් එක නැතත් මොකක්ද වෙන්නේ කියල බලන්න ඕනි කියල. 

රාජා දැම්ම කොත්තු තුනම ගෙනැල්ල දුන්න උන්ගේ ටේබල් එකටම. කන්න පටන් ගත්ත, ඊට පස්සේ තමයි යුද්දේ පටන් ගත්තේ, එකෙක් කිව්ව මේකට ලුණු මදි කියල. අනිත් එවුනුත් කිව්ව ඔව් ලුණු මදි කියල. හැබැයි ඒ කියපු ටෝන් එකේ තිබ්බේ එන්නේ කොක්කට කියල. තවත් වචන හුවමාරු උනා, මට හරියට මතක් නෑ.

" අක්කේ මේ කොත්තු බාස් අක්කට හරියන්නේ නෑ" කියල කිව්ව එකෙක්.

 රාජාට මල පැන්න, රාජා ගේනවා ලුණු පැකට් එකක්, ඒ විතරක් නෙවෙයි ලුණු පැකට් එක අරගෙනම ගියේ ඉස්සරහ දොර ලඟට, එතනින් ගත්තේ හවසට කඩේ වහල ලී දොර පියන් වලට දාන අඩි හතරක් විතර දිග මිලි මීටර් දාසයේ යකඩ කූර. ආවා ටේබල් එක ලඟට, දැම්ම හැම  කොත්තුවකටම  ලුණු අහුරක් ගානේ අත  පුරවලා.

 " මහත්තයලට  ලුණු මදි වෙලානේ හිටියේ, දැන් ලුණු දැම්මා, කන්න එහෙනං  පොඩ්ඩක් වත් ඉතිරි කරන්නේ නැතුව"  කිව්වේ දත්මිටි කාගෙන.

සමිරය මගේ අතින් අල්ල ගත්ත. රාජා ඉස්සුවා යකඩේ. ඔක්කොම කොත්තු කෑවා එක කරපිංචා කොලයක් වත් ඉතිරි කරන්නේ නැතුව. එකෙක්ට ඔක්කාරෙට ආව, විතරක් නෙවෙයි වූ ඇත්තටම වමනේ දැම්මා, එතකොට රාජා ඉස්සුවා යකඩේ තවත් උසට, හැබැයි මොකුත් කිව්වේ නෑ. මූ ආපු වමනේ ටික අත් දෙකට අරගෙන ආයෙත් කටට දාගෙන ගිල්ලේ හරියට මී හරකෙක් වමාරලා කනවා වගේ.

වැල් කලිසමක් ඇඳගෙන හිටපු එකා  රුපියල් දාහේ කොලයක් තිබ්බ කැෂියර් මේසේ හිටපු නමුනුකුල අක්ක ඉස්සරහ, දුලිෂ හිටියේ අක්කගේ අතේ එල්ලිලා, මුණ අක්කගේ උරහිසට හංගගෙන. තුන් දෙනා  දිව්වා ඉතුරු සල්ලි ගන්නෙත් නැතුව වෑන් එකට, දෙන්නෙක් කඩේ ඉස්සරහම වමනේ දාගෙන ගියේ. 

වෑන් එක ස්ටාර්ට් කරනකොට මොකුත් දන්නේ නෑ වගේ ට්‍රැෆික් සාජන් කාරයයි උගේ කොස්පතාපලුයි  කඩේ ඇතුලේ ඉදං එනවා කට පිහදාගෙන. පොලිස් කාරයින්, ටියුෂන් මාස්ටර්ලා, සෝරත හාමුදුරුවෝ  එහෙම හවස බොන්නේ රාජාගේ හෝටලෙන් කොකා කෝලමයි , පස්සේ තමයි අපිටත් තේරුනේ මිලිලීටර් එකසිය හැත්තෑ පහේ බෝතලෙන් සියක් අරක්කු, ඉතිරිය කොකා කෝල, පාටත් හොඳට ගැලපෙනවනේ, කැෂියර් එකට රුපියල් දෙසීයක් දීල, " කොකා කෝලා එකයි කියල යනවා"

* * *

මට දුලිෂ සෙට් වෙන්නේ කතරගමදී. මම  වෑන් පාර්ක් එකේ දවසෙම හයර්  එකක් නැතුව වේලි වේලි ඉන්නන්කොට රාජා ඇවිල්ල ඇහුව්වා,

 " හෙට උදේ කතරගම හයර් එකක් තියෙනවා, හයට යමු"  කිව්ව. 

ඌ  මගෙන් උත්තරයක් බලාපොරොත්තු උණේ නෑ. 

"උදේ වෑන් එකේ හෝටලේ ලඟට වරෙන්, මේක එතන දාලා අපේ වෑන් එකේ යමු"  

උගෙන් හරස් ප්‍රශ්න අහල වැඩක් නෑ කියල මම කොහොමටත් දන්නවා.

කතරගම යන්න හිටියේ රාජයි  , නමුනුකුල අක්කයි දුලිෂයි, ඒ දවස වල  කඩේ උදව්වට වගේ හිටපු ටිකක් වයසක ඩයල් එකක්, මං හිතන්නේ ඌ රාජාගේ හරි අක්කගේ හරි නෑදෑයෙක්. මොකද අක්ක ඌට  කිව්වේ " බාප්පා" කියල. බාප්පයි රාජයි පලවෙනි බෝතලේ කැඩුවේ දුලිෂ දෝව පන්සලේ පිං කැටේට පඩුරු දාන්න නවත්තපු වෙලාවේ. එතකොට ගමන පිටත්  වෙලා විනාඩි දහයක් වෙන්න ඇති. කතරගමට යනකොට උන්දෙන්නට වෑන් එකෙන් බහින්නත් බැරි ගානට වැදිලා හිටියේ, අන්තිමට බුක් කරලා තිබ්බ රූම් එකකට උන්දෙන්නව දාල දේවාලේ පුජාව තියන්න ගියේ අක්කයි, මායි දුලිෂයි.


පින්න ඉවරවෙලා තිබුණේ නෑ අපි එලියට බහිනකොටත්, සමිරය වෑන් එකෙට නැග්ගේ කැමැත්තෙන් නෙවයි කියල මම දන්නවා, ඒත් ඌ මාව අතාරින්නෙ නෑ කියල මම කොහොමටත් දන්නවා. රාජාගේ හෝටලේම අල්ලලා තමයි උගේ ගේ තියෙන්නෙත්, හෝටලේම පිටිපස්සේ. එතැනට යන්න කිලෝමීටර් දෙකක් වත් නැති උනාට පාරේ බෝක්කු හදන්න හාරලා මඩ වලට පාර ලිස්සනවා බණ්ඩක්ක වගේ, දෙපාරක්ම වෑන් එක පැන්න තාර කට්ටෙන් පිටටත්. ඔරලෝසු කණුව ලඟින් හරවන කොට රෑ එකොළහ වෙලා නැතුව ඇති, සෙඩ් එකත් දහයට වහන  නිසා බස් ස්ටෑන්ඩ් එකෙත් කවුරුත් හිටියේ නෑ. මම වෑන් එක නැවැත්තුව හෝටලේ ඉස්සරහ , කිසි සද්දයක් තිබුණේ නෑ. ගෙදරට යන්න එක්කෝ හෝටලේ ඇතුලෙන් යන්න ඕනි, එහෙම නැත්තං විදුරු කඩෙයි හෝටලෙයි මැදින් තියෙන අඩි හයේ පාරෙන් යන්න ඕනි. 

" උඹ යන්න එපා දැන්, අනිත් එක අපි හවස ඉඳලම ගහල ඉන්නේ' වෑන් එකෙන් බහින්ඩ ඉස්සෙල්ල සමීරය මගේ අතින් අල්ලලා කිව්ව. 

 හෝටලේ වහල  තිබ්බේ, මං හෝටලෙයි විදුරු කඩෙයි මැදින් අඩි දහයක් දොළහක් ගියා විතරයි මතක. 

* * *

" ඒයි සුසන්ත නැගිටපන්, නැගිටපන් යකෝ"

"මොකද බං මැරෙන්න හදන්නේ, ආයෙත් පහල කෑල්ලට ඌරො පැනලද?"

" ඌරො පනින්න, උඹ ඉන්නේ අර අවුරුදු පහකට කලින් හදපු අල හේනෙද ?, හේනට ඌරො පනින එක හොදයි බං, මෙහෙම ඒවා වෙන්නේ නැතුව  " උගේ කට  හඬේ වෙනසක් තියෙනවා කියල මට තේරුණා. 

" කෝ දුලිෂා ? " 

" කෝ දුලිෂා නෙවෙයි බං, බලපිය අපි කොහෙද ඉන්නේ කියල."

" රාජා උඹට ගේම සෙට් කරලා බලාගෙන ඉඳල තියෙන්නේ, කොහොමටත් වැඩේ ටිකක් ලීක් වෙලානේ තිබ්බේ, උඹ මැද පාරට හැරෙන කොටම විදුරු කඩේ ඉඳල සෙට් එකක් බැස්ස බං, පහක් විතර හිටිය. මාත් ඕනි හුත්තක් කියල වෑන් එකේ වීල් බ්‍රෂ් එකත් අරගෙන දිව්වා ඒ පැත්තට, ඒත් වැඩක් උනේ නෑ"

" හරි යකෝ, අපි ගුටි කෑවා තමයි, මොන මගුලක් කරන්නද, මොකද උඹයි මායි මේ විදිහට කාපු පළවෙනි වතාව නෙවෙයිනේ"

" නෑ යකෝ ඒක නෙවෙයි , අර පොලිසියේ  එකා කියනවා උඹේ වෑන් එකේ  කුඩු පැකට් දෙකකුයි, පිස්තොලෙකුයි තිබ්බ කියල"

-ජානක ගුණතිලක
06/06/2020 

Sunday, March 5, 2017

කාල තරණය - කෙටි කතාව






හෘද  ස්පන්දනය  නතර වූ සිරුර මෙතෙක් කල් දිරා නොගියේ මන්දැයි සිතාගත නොහැකි විය.නහර වැල් වල තිබු රුධිරය කැටි ගැසී කළු පැහැයක් ගෙන තිබුණි. අත් පා සීතලව දර දඬු වී ගොසිනි.  මොළයේ ක්‍රියාකාරිත්වය නතර වන දින තෙක් ඇය එහි තැබීමට විශේෂ අවසරයක් ගෙන තිබිණ. දැඩි  සත්කාර ඒකකයේ කෙලවර බිත්තියේ ඇති විදුරු කවුළුවෙන් ඇය කිසිවිටෙකත් ඇස ඉවතට ගත්තේ නැත.

"එතනින් තමයි  එයා එන්නේ"

ඇයගේ වචන කිසිවිටෙකත් මුවින් එලියට පැමිණියේ නැත.

 "අර හෙවනැල්ල,........................

 ඒක ඇතුලින් තමයි එයා මතු වෙන්නේ"

 කිසිවෙකුත් විදුරු කවුළුවෙන් ඇතුළුවන ආලෝක කදම්භය  ආවරණය කරන සේ සිටගත් විට ඇයට  දරාගත නොහැකි, හදවත පසාරු  කරගන  යන තරමේ වේදනාවක්  දැනිණ.වීදුරු ජනේලයට  ලම්බකව ඇති බිත්තියේ මැද ඔරලෝසුවකි. එහි කටු දෙස බලා  සිටින්නේ විදුරුවෙන් ආලෝකය කාමරයට නොපැමිණෙන රාත්‍රී කාලයේය.  ඔරලෝසුවේ  තත්පර කටුව කැරකෙන  නාදය පමණක් ඇසෙන්නට විය. එය එක්  වරක් නොව දින  ගානක්, සති ගානක්  හෝ මාස ගානක් රාතියේදී  ඇයට ඇසෙන්නට ඇත.

ඇය එම දිනය පැමිණෙන තෙක් බලාගෙන සිටියාය.

 "ටික්" ..."ටික්" ....."ටික්"  ඔරලෝසුවේ තත්පර කටුව  තත්පරයෙන් තත්පරය වාමාවර්තව කැරකෙවෙමින්  තිබේ.

' ටීක්" ....' ටීක්" ....' ටීක්" ....' ටීක්" ....

හෙදියක් ඇය වෙත දුවගෙන ආවේය.

" මේ පේශන්ට්ගේ  හාර්ට් එක වැඩ කරන්න පටන්ගෙන"

මුහුණට  සවි  කර තිබු ඔක්සිජන් බටය  නැවත සකසන අතරතුර  විනාඩි, පැය, දින, සති , මාස  ගණනක්  පැරණි  සේලයින්  බෝතලයෙන්   බින්දුවක්  ඇයගේ  රුධිරයට   කාන්දු  වන  බව හෙදිය නිරික්ෂනය කළාය.

විනාඩි, පැය, දින, සති, මාස ගණනකට පසු සෙලවෙන ඇයගේ අතේ ඇගිල්ලක් හෙදිය ස්පර්ශ කළාය. විනාඩි, පැය, දින, සති, මාස හෝ වසර  ගණනකට පසු  එහි  දරදඬු  ස්වභාවය කෙමෙන් පහව  ගොස්   මෘදු වන  බවක්  දැනිණ. උෂ්ණත්වය සෙල්සියස්  අංශක තිස්හතක් නොවුනද එහි යම් උණුසුමක්   ඇති බව දැනිණ.


පොල්  මල් , ගොක් කොළ වලින් සරසා මිඳුලේ  කෙලවර  කණු තුනක ආධාරයෙන් සිටවා තිබු පෙරේත ගොටුවේ  මල් වර්ග  හතක්, කෑම  වර්ග හතක්  මෙන්ම තවත්  බොහෝ දෑ තිබිණ. තොවිලයට සියල්ල සුදානම්ව පැවතියේය. සුදු  රෙද්දකින් හිස  වසා සුදු  ගව්මක්  අන්දවා ඇය බිම  එලා  තිබූ පැදුරේ  වාඩි කරවුයේ ඇයගේ මව  විසින්මය. මවද  ඇය  සමීපයෙන්  හිඳ  ගත්තාය, ඇයට  හිස  කෙලින්කරෙගෙන  සිටීමට අපහසු  වූ බැවින්  මව ඇයව  තුරුල් කරගෙන තම උරහිස  මත ඇයගේ  හිස  තබා ගත්තාය. තොරතෝංචිය ක්  නැතුව මතුරන  කට්ටඩියා  දෙස  සියලුදෙනා බලාගෙන සිටියත් ඇයට එහි වගක්  නොවිය. පන්දමට  දුම්මල දමා අඩි  කිහිපයක්  උසට  ගිනි  දළු  පිට කෙරිණ, කටට  භූමිතෙල්  ගෙන   පන්දමට  පිඹ    අහසට ගිනිදැල් පිට කෙරිණ. අවසානයේ   ඇය හිස  වටා  ඔතා  තිබුණු සුදු රෙද්ද  විසිකර නැගිට්ටාය. බෙර කරුවා එක බෙරයකට  තලා එහි හම ඉරී ගිය පසු  දෙවන බෙරයටට  තඩි බාන්නට  විය, ඇය එම රිද්මයට මිඳුල පුරා අවසිහියෙන්  නටන්නට  විය.

" උඹට මොනාද  ඕනි ?"

" මට බොන්ඩ ඕනි " එය පිරිමි කටහඩක්  විය.

" උඹට  මොනාද  බොන්ඩ ඕනි ?"

" අරක්කු'

කට්ටඩියා තම  ගෝලයාට පෙරේත  තට්ටුව  යට ඇති බෝතලය  පෙන්වයි. පුරවා  දුන්  අරක්කු වීදුරුව ඇය එක හුම්ස්මට උගුරට  හලා ගත්තාය. ඇය තවදුරටත් මිඳුල  පුරා නටන්නට  පටන් ගත්තාය. කට්ටඩියා  ඇය පසු පසින් ගොස් විසිරි  තිබු කෙස් වල්ලෙන් ඇයව අල්ලා  ගත්තේය.

" උඹට  තව  මොනවද  ඕනි ?"

" මට ඕනි කහපාට කොළ  "

කට්ටඩියා කොක්කොල මිටියක්  අය අතට දුන්නේය,

" උඹට පිස්සුද ?, මට ඕනි අර  කහ පාට කොළ"

මිඳුලේ රැස්ව උන් කුටු කුටු ගන්නට විය, කට්ටඩියා ඇයගේ කොණ්ඩය අඹරවා ගෙල මුලට සිර කළේය.

" උඹට  ඕනි  මොන කොළද ?"

" සල්ලි කොළ "

ඔහු තම සාක්කුවෙන් ගෙන රුපියල් පන්දහසේ කොළ දෙකක් ඇය අත තැබුවේය.

" දැන්   උඹ  යනවද?

" නෑ මම යන්නේ නෑ, නෑ මම යන්නේ  නෑ, මට තව ඕනි "

අවට සිටි කාන්තාවන් තම  මුහුණු දෑතින් ආවරණය කරගත්තේ  ඇයගේ කොණ්ඩය තවත් වරක් අඹරවා,

" සල්ලි දෙන්නේ ඔච්චරයි , උඹට  යන්න තව  මොනවද ඕනි ? " යයි අසන විටය

"මට ඒකිව ඕනි"

" උඹට ඒකිව දැනුත් ඉන්නවා"

" නෑ මට ඒකිව ඕනි, මට  ඒකිව  මරන්න ඕනි  "

ඇයගේ හිස ඔහු සෙමෙන් පිරිමදින්නට විය, නළල මත ඔහුගේ තොල් වල උණුසුම පතිත කරන්නට විය , දෙපා වල ඇඟිලි, දෑතේ ඇගිලි සෙමෙන් ස්පර්ශ කරන්නට විය, ගල්  ගැසී  තිබු මාංශ පේශි  සෙමින් පිරිමදින්නට   විය. ශරීරය පුරා සෑම රෝම කුපයක්ම එයින් නව පණක් ලැබීය. ධමනි ශිරා  මෙන්ම කේශනාලිකා වල තිබු කළු පහ ගැන්වුණු රුධිරය කෙමෙන් රත් පැහැ ගැන්වෙන්නට විය. කැටි ගැසී  තිබු රුධිර  කැට එකිනෙක  දියවී  යන්නට විය. අප්‍රාණික  ස්නායු  වලට උණුසුම , දැනෙන්නට විය. සෑම කේෂ  නාලිකාවකටම රුධිරය ගලා යන බව ඇයට වැටහිණ , ඒ කොපමණ කාලයකට පසුවදැයි ඇයට නිච්චියක් නැත.  හෘදය ස්පන්දනය  වන හඬ  ඇයටම ශ්‍රවණය කල හැකිවිය. මෙතෙක් කල් අහිමිව තිබු ශරීරය ඇයට නැවතත්  හිමිව ඇති බව ඇයට වැටහිණ. ඔරලෝසුව දෙස බලා  හුන්  ඇය දෑස වසා ගත්තාය. මුහුණ ආවරණය කර තිබු ඔක්සිජන් බටය ගලවා  පැත්තකට දැමුවාය. පෙරවා තිබු සුදු රෙද්ද ඇද විසි කළේය. ඔහුගේ උණුසුම් ප්‍රශ්වාසය වරකට ඇයගේ මුහුනටත් වරෙකට ඇයගේ පයෝධර අතරටත්  ඉන්  පසුව මුළු ශරීරය පුරාවටත් දැනෙන්නට  විය.

මෙතෙක් වෙලා බලා  සිටි බිත්තියේ ඇති ඔරලෝසුව වෙනුවට දෑස පියාගත් විට ඇයට කොළ පැහැති  ඉලක්කමෙන් වෙලාව පෙන්වන ඩිගිටල් ඔරලෝසුවක් දර්ශනය විය.වෙලාව වසරින් වසර  පසු පසට ගමන්  කරමින් තිබිණ.   එහි වේලාව දෙස ඇය බලා සිටියාය, එහි වේලාව නතර වන ලෙස දෑස තදින් වසා ගත්තාය. එය වසර දහයකට පෙර දිනයක නතර විය.


" අම්මි කවුද කෙනෙක් ඇවිල්ල කියනවා , ඔයාව බලන්න ඕනි කියල"

" මොන වගේ කෙනෙක්ද  ?"

" දන්නේ නෑ, එයා  සීයට  වඩා උසයි, සීයාගේ වගේ රැවුල සුදු නෑ."

" එන්න කියන්න, පුතේ "

" එයා කියනවා, එයා  මගේ තාත්තා කියල"

හෙදිය දියණිය ද සමග  කාමරයෙන් පිටව ගියාය. ඔවුන් දෙදෙනා ඔහුව ද සමග  නැවතත් ඇයගේ ඇඳ වෙත පැමිණියහ. ඔක්සිජන් බටයද, පපුවට සවි කර තිබු ecg යන්ත්‍රයේ අග්‍ර ද, මුත්‍රා බටද   සී සී කට විසිරි  තිබිණ. ඇඳ  මත වූ සුදු රෙද්ද මෑත් කොට හෙදිය ඇයව සොයන්නට විය ඔහු අනෙකුත් ඇඳන් මත සිටි ලෙඩුන් එකිනෙකා පරික්ෂා කර බලන්නට විය.

" කෝ මේ ලෙඩා" හෙදිය කෑ මොර දෙන්නට විය.

බිත්තියේ වූ  විදුරු කවුළුව බිදී  ගොස් විදුරු කටු කිහිපයක් බිමට පතිත වී තිබිණ. අඟල් කිහිපයක විෂ්කම්භය  සහිත සිදුරක් එහි විය.

" කෝ මෙතන හිටපු ළමය" හෙදියත් ඔහුත් දියණිය සොයමින් සී සී  කඩ දුවන්නට විය.


ඇසිටලීන් සිලින්ඩරයක්, ඔක්සිජන් සිලින්ඩරයක් පෑස්සුම් කුරු මිටියක් සහ උපකරණ සියල්ලද මිලිමීටර් පහක් ඝනකම වානේ තහඩුවක් ද රැගෙන කම්කරුවෝ කිහිප දෙනක් දැඩි සත්කාර  ඒකකයේ විදුරු කවුළුව ලඟට රැස් වුහ.

"ඔයා  මොනවද මේ කරන්න යන්නේ"

" මේ විදුරු කවුළුව වහල දාන්න"

" එතකොට, කොහොමද මම ඔයා  ළඟට එන්නේ ?"

"මට ඔයාව  විදුරු කවුළුවෙන් ගෙන්න ගන්න ඕනි නෑ, ඔයා  මගේ දුවත්  එක්ක කාමරේට දොරෙන් ඇතුළු වෙන්න"

ඇය දෑස වසාගෙන ඩිගිටල් ඔරලෝසුව නතර කරගෙන කීවාය.

- ජානක ගුණතිලක
4/3/2017



























Thursday, October 23, 2014

මැජික් පිහාටු ( කෙටි කතාව 11 )



ජනේලේ රෙද්ද මෑත් කරන කොට එකපාරම වීදුරුවෙන් එහා පැත්තෙන් මතු වුනේ ලේ වලින් වැහිච්ච කිර්තිගේ මුණ. කොන්ඩේ ලේ වලින් තෙත් වෙලා තිබ්බා ඇස් දෙක ගිණි බෝල දෙකක් වගේ තරහින් ගිනි ගත්තා. නළල හරහා තිබ්බ කැපුම් පාරට ඔලු කට්ට සුදුවට මතු වෙලා තිබුණා. තොල් දෙක හරියට බුලත් කඩේ විමල අක්කගේ චීත්තෙයි, හිරට ඇඳපු හැට්ටෙයි අතරින් එලියට පැනපු බඩ ගෙඩිය වගේ. වීදුරුවට මුණ තද වෙනකොට වීදුරුව දිගේ ලේ ගලාගෙන පහලට වැක් කෙරුණා. මං  එකපාරටම ජනෙල් රෙද්ද අත ඇරියේ ඒ මුණ දිහා තවත් බලාගෙන ඉන්න බැරි කමට. මට ඉබේටම කෑ ගැහුණා ඒ එක්කම පිටි පස්සෙන් මගේ උරහිසේ ගෑවුණ සීතල අතක් නිසා.

"මොකද මේ වෙව්ලන්නේ, හීනෙන් බය උණාද?"

කෙස් ගස් අතරින් ඇඟිලි තුඩු යවමින් සිටියා මිස ඇය කිසිවක් නොකීවාය. ඇයගේ උකුල මත සුවබරව නිඳන පළමු දින එය යයි මට සිතිණ. එය රාත්‍රියද උදෑසනද යන්න නිච්චියක් නොවීය, කෙසේ හෝ හිරු නොපායා ඇති හෝරාවක් විය, කාමරයේ බිත්ති වලට සවිකර තිබු විදුලි පහන්  වල ආලෝකය ඉටි පහනක ආලෝකය තරම්වත් දීප්තිමත් නොවිය. ඇයට  යමක් පවසන්නට මට උවමනා විය, නමුත් ඒ කුමක්දැයි මා දැන සිටියේ නැත.උගුරේ නූල් බෝලයක් වැනි යමක් සිරවී ඇති බව පමණක් වැටහිණ.

මුළු ඇඟම රිදෙන්නේ හරියට ඩිංගි පාලයාගේ කෙල්ල හොරෙන් ගේන්න ගිහිල්ලා ගමේම මිනිස්සුන්ගෙන් ගුටි කාපු දවසේ වගේමයි. ඒත් ඒ ඊයෙ නෙවෙයි කියල නං හොදටම විශ්වාසයි, ඒත් යකෝ  මෙච්චර ඇටකටු වල ඉඳන් දැනෙන්න තරං වේදනාවක් කවදාවත්ම දැනිල නැති තරමට දැනෙන්නේ කොහොමද කියල මං කලපනා කර කර නැගිට්ටම තමයි තේරුනේ  මේ ඉන්නෙත් ගෙදර නොවෙන වග.

'එහෙනං වීල් එක කෝ? " පලවෙනි පාර ඒක මගෙන් අහගෙන, දෙවනි පාර ඇහැව්වා සරම ඇතුලේ  නිදාගෙන හිටපු එකාගේ සරම ඔලුවෙන් පහලට ඇදල. ඌයි මායි එක ඇඳේ නිදාගෙන හිටියට දැන් තමයි දැනගත්තේ ඌ සමිතය කියල.

"හරි හරි තව ටිකක් නිදා ගනින්කෝ තාම එළි  වෙලත් නෑනේ"

ඌ එහෙම කිව්වට, මම නැගිටලා ජනේලේ රෙද්ද මෑත් කරලා  බැලුව විතරයි අව්වේ රස්නෙට ඇස් දෙකෙන් කුරුල්ලෝ පියාඹල ගියා, ආයෙත් ටිකකින් ඇස් අරිනකොට  මට එක එල්ලේ පෙනුනේ මගේ වීල් එක පාක් එකේ නතර කරලා තියෙනවා අගේට.

"එතකොට යකෝ  මං ඉන්නේ ....................?"

චාටර් කිර්තිගේ කඩේ උඩ තට්ටුව කියල මට තේරුණා, සමිතය සරම ඇතුලේ ඔලුව හංග ගන්නත් කලින්.

"නැගිටපන් දැත්තෝ ඉක්මනට, අපි ඉන්නේ චාටරයාගේ කඩේ බං"

දෙබරයක් වගේ සරම ඇතුලේ  උණ්ඩි ගැහිලා හිටපු උගේ සරම කකුල් දෙක පැත්තෙන් උඩට ඇදල මං  කිව්වා. එතකොට ඌටත් තරු පෙනුන වග මට දැනුනේ ඌ සරම රවුමට ඇදේ ඉතිරි වෙන්න හෙළි වැල්ලෙන් හිටගත්ත විදිහට, හරියට සිදුහත් කුමාරයා නෙලුම් මලක් උඩ  හිට ගත්තා වගේ. එතකොටයි මාත් දැක්කේ  ඇඳුමක් නොතිබුනාට  කුණු ලේ පිරිච්ච්ච  නිල්-රතු පැල්ලම් වලින් උගේ මුළු ඇඟම වැහිලා තියෙන්නේ කියල. අප්පිරියාවට මං  අහක බලාගෙනම ළඟ තිබ්බ මෙසේ ළඟ පුටුවෙන් ඉඳ ගත්තා.

සංගීතේ "දඩි බිඩි" සද්දේ ඇහෙනකොට ඇඟ නලියනවා වගේ දැනුන. රුපියල් පනහේ ටිකට් එක ගන්න බැරි කමටත් වඩා "චාටරයා" ඉන්න සංවිදායක කමිටුවට ඔලුව නමන්න තිබ්බ අකමැත්තටම,

"තොපේ සංගීත අපි බලන්නෑ" කිව්වේ ඌත්  එක්ක තිබ්බ ගේමට.

සමිතයයි මායි කිට්ටු කරා සංගීතේ තියෙන පිට්ටනිය පැත්තට ටිකක් අඳුර වැදීගෙන එනකොටම නන්දෙගෙ  පොට් එකෙන් රුපියල් සියේ ෂොට් දෙකකුත් ගෙන. කෝකටත් වීල් දෙක පාක් එකේම තියෙන්න ඇරලා. ඒක පටන්ගෙන ටික වෙලාවක් උනාට නැගල යනවා කවදටත් වඩා හොඳට, ඒක තේරුණේ පිට්ටනියෙන් වැහි වලාකුලක් වගේ ඉහල නගින දුවිලි වලාවට පාට පාට ලයිට් වැටුනම.

චාටර් කිර්තිය කිව්වට වූ චාටර් අපේ ශබ්ධ කොශේට විතරක්ද කියලත් හිතෙනවා වෙලාවකට, මොකද හැමදේම ඉවරවෙනකොට ඌ කිර්තියා  අපි චාටර් නිසා. උගේ එවුං තමයි හැම ගේට්ටුවකම  ටිකට් චෙක් කරන්න හිටියේ, කලිසමක් ඇඳගෙන උන්ට ටිකට් දීලා දෙකට නැමිලා යනවට වඩා හොදයි තවත් කාලක් ගහල ගෙදර බුදිය ගන්න එක කියලත් හිතුණා. එත් "දඩි බිඩි "ගාලා ඇහෙන ඩ්‍රම් සද්දෙට අපිව ඇදිල යනවා පිට්ටනිය දිහාවටම.

චීත්ත පොටවල් දෙකක් වගේ එක මත එක ගිය ටකරං දෙකක්  දෙපැත්තට කරන්න පුළුවන් කියල දැනගන්න ඇතුලෙන්  අතදාලා බලන වෙලාව වෙනකම්ම ඉන්න වෙච්ච එකට, ඔබාගන්න හිතුණා ඔලුව ටකරං වැටට එපිටින් ගලාගෙන ගිය අසුචි කාණුවේ. එළියේ අසුචි කාණුව  උනාට ඇතුලෙනේ තිබ්බේ ආතල් එක හරියට නයිට් ක්ලබ් එකක ඩිනර්  ඩාන්ස් එකක්  වගේ. ගන්න හිතුනෙම නෑ නා ඔලුව පස්සට සමිතය කලිසමෙන් අදිනකන් මාව ආපස්සට.

"කොහොමද ඇතුල ?"

"ආතල් බං " අම්ම මුත්තා කිව්වත් මං නෙවයි ගත්තේ ඔලුව පිටි පස්සට.

වැලි ඔරලෝසුවේ  වැලි ටික වැටිලා ඉවරවෙලා තිබ්බා, ඌ දැම්මා ඔලුව මගේ කකුල් දෙක අස්සෙන්. ඌ තවත් ඇතුලට රිංගද්දී හරියටම මං හිටියේ උගේ ඇඟ උඩ  හරියට  ගෙම්බෝ යුවලක් මෛතුණ සේවනයේ යෙදෙනවා වගේ. සංගීතේ අමතක උණා එහා පැත්තේ ගහට හේත්තු වෙලා හිටපු එවුන් දෙන්නා දෙන්නෙක්ද එකෙක්ද කියල වෙන් කරලා අඳුර ගන්න ගත්ත උත්සාහයේ හැටියට. බිම තිබ්බ තණ කොළ ගැලවිලා නටන උන්ගේ කකුල් සුදු පාට වෙලා, සමහර කකුල් කලිසම් සායවල් වලින් වැහිලා තිබුනට සමහර කකුල් දනිහෙන් උඩටත් වෙනකං පේන්න තිබ්බා ලස්සනට. චිත්‍ර පටියක් වගේ ඇතුලේ තිබ්බ විකාර වික බලන්න ඇස් දෙක ගෙම්බෙක්ගේ වගේ ඔලුව උඩ තිබුනනං හොදයි කියල හිතුනා අංශක තුන්සිය හැටම කරකවන්න පුළුවන් වෙන්න. හැබැයි අපිට ඔක්කොම පෙනුනේ එතන හිටගෙන හිටපු පොලිස් කාරයගෙ කකුල් දෙක අස්සෙන්.මොකුත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ නොසන්ඩාලයෙක්  නොහිතපු වෙලාවක මගේ පස්සට ගහපු පයින් පාරත් එක්ක. දෙන්නම ටකරං දෙක අතර සිදුර හරියට යෝනි මාර්ගයෙන් එලියට දරුවෙක් එනවා වගේ පළල් කරගෙන විසි වෙලා ගිහිං  හිර උනා පොලිස් කාරයගෙ කකුල් දෙක අස්සේ. සමිතයා පස් කාගෙන නතර උනා. මං හිතන්නේ පොලිස් කාරයා  කලිසම මිසක් යට ඇඳුමක් නං ඇඳලා හිටියේ නෑ, මොකද මගේ බෙල්ලට හරියටම දැනුනා උගේ වෘෂණ කෝෂ දෙක තද වෙනවා. ඌ  මරහඬ දුන්නේ හරියට හැත්තෑ එකේ අප්‍රේල් පස්  වෙනිදා වැල්ලවාය පොලිසියේ ඩියුටි හිටපු එකෙක් වගේ. ඊට පස්සේ විසිල් එක බිඹ ගෙන ගියා හරියට ටයිටැනික් එකේ රෝස් ඩෝසන් වගේ. හැමතැනම හිටපු පොලිස් කාරයෝ එකතුවෙනකොට එතනට මං ඌව තල්ලු කරගෙන ගියා අපේ තාත්ත මාව පොඩි කාලේ අරන්ගියා වගේ පස්ගුණයක විතර වේගෙන් ඉස්සරහට. නතර උනේ තවත් පොලිස් කාරයෙක්ගේ කකුල් දෙක අස්සේ, හැබැයි ඌ හිටියේ මගේ පැත්තට හැරිලා. එතැනට එකතු උන එවුන් ගාන ගණන් කරන්න සංක්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවෙන් හිටියත් බැරි වෙන බව නං ෂුවර්. මම අත ඇරියේ නෑ අලුතෙන් අහුවුණ කකුල් දෙක,  ඔලුව බේරගන්න ඕනි නිසා, මට තැලුවේ හරියට කොල්ලු තලනවා වගේ ගෝනියකට දාපු. මට මතක එච්චරයි.

"මේක ගහපං, ඊයේ කාපු කෑමට ඇඟත් රෙදෙනවා ඇතිනේ "

කිර්ති එනපොට මොකක්ද කියල තේරුනේ නෑ මටත් සමිතයටත්, ඌ එනකොට ගල් අරක්කු බෝතලෙකුයි, විදුරුවකුයි සෝඩා බෝතලේකුයි අරගෙන. ඒක ඌ මේසේ උඩ තියල ගියා විතරයි මොකුත් කිව්වේ නෑ ඊට අමතරව. අපි දෙන්න හලාගත්තා වීදුරුවට මාරුවෙන් මාරුවට බෝතල් දෙකෙන්, ඊට පස්සේ කටට. වෙලාව කීයද  කියල බලන්න උවමනාවක් තිබුනෙම නෑ අපි දෙන්නටම.

"මේ රෙද්ද උස්සන එකේ එපා වෙලා බං" කියාගෙන ආයෙත් සමිත උස්සල බැලුවා ජනේලේ රෙද්ද.

"ඒයි අර බලපං වීල් පාර්ක් එකම පොලිසියෙන් වටකරලා "

මාත් බැලුවා සමිතගේ කර උඩ නැගල. කහපාට කලුපාට ඉරි තියෙන පොලිතීන් පටි වලින් වට කරා වීල් දහයක් විතර තිබ්බ පාර්ක් එකම. ඩිංගි පාල, හිචබු වගේම පාර්ක් එකේ හිටපු හැමෝම බලාගෙන හිටියේ කිසිදෙයක් හිතාගන්න බැරුව. පොලිසියෙන් දෙන්නෙක් ගියේ ඊට පිටි පස්සේ තියෙන මානං කැලාව පිරගෙන, ඊට පස්සේ තව කිහිප දෙනෙක්. දුරේක්ෂ අන්වීක්ෂ නොතිබුනාට අපි දෙන්නම දැක්කා එතන තිබුණේ ප්‍රියන්තගේ මිනිය කියල. වීල් දොළහකට අවසර තිබුණ පාර්ක්  එකේ තිබ්බේ කිර්තිගේ වීල් නමේකුයි සමිතගෙයි මගෙයි දෙකයි ප්‍රියන්තගේ වීල් එකයි. කිර්තිගේ තේ කඩේ මෙතන තිබුනට බිස්නස් නැගල ගියේ ටවුමේ තිබ්බ රෙස්ටුරන්ට් එකේ. හයර් දිව්වේ අපි තුන්දෙනා විතරක් උනාට අනිත් වුන්ට තිබ්බේ හෝටලේට එන සුද්දොන්ට බඩු සප්ලයි කරන එකයි උන් එක්ක බුදිය ගන්න එකයි විතරයි. බඩු  කිව්වට බඩු ජාති තුනක් තිබ්බා, එකක් පොඩි පැකට් වල, අනිත් එක කේරලෙන්, තුන්වෙනි එක පණ පිටිං . කිර්ති කිසි දෙයක් නොදන්න එකා වගේ සරමකුයි බැනියමකුයි ගහගෙන සෙරෙප්පු දෙකකුත් නැතුව තේ හදනවා, උගේ බෑනා රෙස්ටුරන්ට් එකේ බිස්නස් එක රන් කරනවා.

කිර්තියගේ රෙස්ටුරන්ට් එකට පොලිසියෙන් පැන්නේ අපේ ඔත්තුවකට කියල තමයි ඌ හිතාගෙන හිටියේ. කුඩු කිලෝ තුන අහුවුණේ බෑනාගේ කාමරේ නිසා ඌට යන්න උණා අවුරුදු පහකට හිරේ, හැබැයි පත්තරේට විතරයි. යස අගේට මිනිහ ඉන්නවා මැනේජර් පුටුවේ වාඩි වෙලා මාස දෙකකින්  ඇපීල් කරාට පස්සේ.

තරු ගොඩක් ගහපු එකා කීර්තියට සැලියුට් එක නොගැහුව්වා විතරයි නැමුනා හරියට හතරට කපපු හබරල දණ්ඩ ගොඩින් තිබ්බා වගේ. ඒත් පුදුමේ කියන්නේ කිර්තිට බැනගෙන ගිය උගේ ලොක්කා  දාගත්තා කිර්තිව  ජිප් එක‍ට, නොතාරිස් නෝනා දොස්තරත් එක්ක මිනිය බලන වෙලාවෙම. අපි දෙන්නට හිතුනා රාජා මුදලාලිගෙන් ගුලියක් කෑවද කියලත් එක වෙලාවකට. මං සෝඩා බෝතලෙන් ටිකක් අතට දාගෙන ඇස් දෙක පිහදගෙන බැලුවා මේ හීනයක්ද කියලත්, ඒත් වෙනසක් වුණේ නෑ මෙතකන්, ඉස්සරහට කොහොම උනත්. තව පොලිස් කාරයෝ දෙන්නෙක් එනවා දැක්කා අපි ඉන්න පැත්තට, මට දැනුනා සමිතයගේ වම් කෝෂිකාව මගේ වම් කෝෂිකාවේ වදිනවා කියල. ඕනි ටොෆියක්  කියල අපි දෙන්න හලාගත්තා තව දෙකක් බෝතලේ ඉවර වෙන්නම.

"ටක් ටක් "

"ඇරලා තියෙන දොරේ පියනට තට්ටු කරන්න මුන්ගේ මුළු  ඇඟේම මොළේ තියෙන්න ඕනි"  කියල මට  හිතුණා, ඒත් සමිතයට චු ගියා.

දොරට තට්ටු කරන්න තිබ්බ සීලාචාරකම උන්ගේ  වැඩ වල නැති බව මං  කොහොමටත් දැනගෙන හිටියේ. උන් ආවා විතරයි මොකුත් ඇහැව්වේ නෑ  දැම්මා අපි දෙන්නගේ අත් දෙක එකට තියලා මාංචු. සමිතයගේ සරම කඩාගෙන වැටුණා, මාත් පාත් උණා ඌට සරම ඇද ගන්න. මං දැක්කා කුඩල්ලා වගේ පහලට කඩා වැටිච්ච උගේ බිජ්ජෙන් හුජ්ජ බිංදුවක් එල්ලෙනවා හරියට කිලිනොච්චියේ සරණාගත කඳවුරක අම්මෙක්ගේ තනේකින් කිරි බිංදුවක් එල්ලෙනවා  වගේ.

"නැගපියව් කපයෝ ගිහිල්ල ජිප් එකට, ඉන්නවා මෙතන මොකුත් දන්නෑ වගේ"

මගේ පුකට කහපු පයින් පාරට සමිතයට කරගන්න දෙයක් තිබුණේ නෑ මාත් එක්ක ඇදිල යනවා මිසක්. ඒත මං දැක්කා අපි දෙන්නා නිඳා ගෙන හිටපු ඇඳේ මෙට්ටේ යටින් ලේ බේරුණු පිහියක් ඇදල අරගෙන පොලිතින් උරේක දාගන්නවා.

අපි ගියා ජීප් එක ලඟට, වටේට මිනිස්සු ඉන්නවා හරියට මාරක ළිඳ බයිසිකල් පදිනවා බලන්න  වහේ.  කිර්තියත් ඉන්නවා ජීප් එකේ , ඒකයි තියෙන ආතල් එක. ඒත් අපේ ආතල් මොහොතකට, ඌ ගියා බැහැල අපිට නොන්ඩි හිනාවක්  දාලා.

තරු ගහපු එකා කිව්වා

"හරි සර්"කියලා.

මට ඇහැරෙනකොට දුන්යා ඇඳේ හිටියේ නෑ, ඉක්මනට ඇඳෙන් පැනල ගිහිං බැලුවා ජනෙල් වීදුරුවේ ලේ පාර තාම තියෙනවද කියල, දුන්යා එන්න ඉස්සෙල්ල හෝදලා දාන්න. මං  තල්ලු කරන ජනෙල් පියන ඇරගෙන බැල්කනියට ගිහිං බැලුවා එලිය පැත්තෙන්, ඒත් මොන ලකුණක් වත් පේන්න තිබුනේ නෑ, අඩුමගානේ අඩි  පාරක්වත්. මම බැල්කනියෙන් එළිය බැලුවේ වීල් පාර්ක් එක දිහා ප්‍රියන්තගේ මිනිය අරන් ගිහිල්ලද බලන්න.

ඒත් තට්ටු හතක් විතර උඩ ඉඳන් මට පෙනුනා මගේ සුදු පාට කාර් එක පහළ පාර්ක් එකේ නතර කරලා තිබුණා. දුන්යා ඒ ලඟම නවත්තලා තිබ්බ එයාගේ කාර් එකට නගිනකන් මම බලාගෙන හිටියා. එයා ටිකක් ඈතින් මෙට්‍රෝ දුම්රිය පාරට යටින් ගිහිං  ලේන් හයක් විතර එක පැත්තට දුවන හයි වේ එකට වාහනය දාලා තවත් වාහන ගොඩක් මැද නොපෙනී ගියා. කොතනකවත් ත්‍රී වීල් නතර කරලා තියෙනවා වත් පාරේ දුවනවා වත්  මං  දැක්කේ නෑ.

මට මතක් උනා "උඹ බය වෙන්නේ නැතුව හිටපං මං උඹට ගහල දෙන්නං exit එක, ලක්ෂෙකට " කියල ඌ කියපු එක.

ඌ කව්ද කියල උඹ දන්නවනේ? ..


- ජානක ගුණතිලක


Friday, October 3, 2014

සිතාසි ( කෙටි කතාව 10 )








කුඩා විසිත්ත කාමරයේ වූ රුපවාහිනී යන්ත්‍රය තුලට වී චිත්‍ර පට වල රඟපාන නළු නිළියන්ද සින්දු කියන ගායක ගයිකාවන්ද ප්‍රවෘති ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් ද දැනට  මාස ගණනකින් කිසිදු හඬක් නොනගා සිසිර තාරක නින්දකට වැටී ඇති සෙයකි. එහි තිබු එකම මේසය මත සති අන්ත පුවත් පත්, මාසික සඟරා මෙන්ම, හිස් වූ පලතුරු බිම බෝතල්, ටොනික් කෑන් ලට්ට ලොට්ට අතර  අර්ධයක් හිස් වූ  වොඩ්කා බෝතලයක් ද විය. මේසය යට හිස් වූ විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා ආදී බෝතල් ද සෝඩා කෑන වලින්ද බිම දුවිලි තට්ටුවකින් ආවරණය වීම වලක්වා තිබිණ.

සෝපා සෙටියේ ඒ මේ අත දඟලමින් පැය දෙකක් පමණ නිදා ගැනීමට උත්සහ කළද  ඔහුට එය කිසිදු අර්ථයක් නොමැති ක්‍රියාවක් බව වැටහිණ. වායු සමීකරණ යන්ත්‍රය පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වූවද ඔහුගේ මුළු ශරීරයම දහඩියෙන් තෙත් වී තිබිණ. විසිත්ත කාමරයට යාබද නිදන කාමරයේ තිබු ඇඳෙහි අවසන් වරට ඔහු නිදා ගත් දවසක් ඔහුගේ මතකයට එන්නේ නැත. දෑස වසා ගත් කල හිසට කුළුගෙඩි පහරවල් එල්ල කරන්නාක් මෙන් තමන්ට වද දෙන්නේ තමාගේම සිතුවිලි දැයි ඔහුට වැටහෙන්නේ නැත. විටින් විට   තම සිඟිති දියණිය සුදෝ සුදු වලා කුළු අතරින් පාවී විත් ඔහු හා දොඩමලු වන සුන්දර දසුනකින් ඝන අන්ධකාරය ඒකාලෝක වන්නා සේ හිතට මහත් සැනසිලි දායක හැඟීමක් ඇතිවේ. ගෙවුණු වසරක පමණ කාලය එම සුන්දර සිහිනය සමග පණ අදිමින් තිබෙන තම ආත්මය කුමක් හෝ අරමුණක් වෙත දිනෙන් දින ඉදිරියට රැගෙන පැමිණියද එයට  තව දුරටත් ඉදිරියට ගමන් කිරීමට තරම් ප්‍රමාණවත් ජවයක් නොමැති තරම්ය.

"ඇස් දෙක ඇරලා කියපිය බැල්ලිගෙ පුතෝ තෝ මෙතනට ආවේ ඇයි කියල"

කන හරහා වැදුණු පහරින් පසුව තත්පර කිහිපයක් ඉදිරිපස බිත්තියේ එල්ලා තිබු ඔරලෝසුවේ කටු වාමාවර්ථව වට කිහිපයක් කැරකී නතර විය.

ඔහුගේ වයස අවුරුදු හතලිස් දෙකද, දාසයද යන්න ඔහුට සිතාගත නොහැකි විය.

ඔහු දෑස විවර කළේය, වේලාව දහවල්  එකොළහ පමණ වුවද ඔහුට කාලය හෝ වේලාව පිලිබඳ හැඟීමක් නොවිය. පෙර දින රාත්‍රියේ  සිටම දැල්වෙමින් තිබු විදුලි බුබුල තවමත් ඒ ආකාරයෙන්ම දැල්වී තිබීම ඔහුට යම් ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීමට තරම් ප්‍රමාණවත් විය. ඉතා අපහසුවෙන් සොපාවේ ඇන්දට වාරු වී සිට ගත්තේය. ඔහු ඇඳ සිටි කොට කලිසම ගලවා දමා එය මතම සිට ගත්තේය. තම ආත්මය තමා හැර දා ගොසින් හෝ තම ආත්මය බවට තමා හඳුනා ගත් සත්‍ය එය නොවේ හෝ යන හැඟීමක් ඔහුට ඇතිවිය. තමා යනු අනෙකුන්ගේ හැඟීම් වලින් පෝෂණය වන්නෙකු බවත් ඔවුන් වෙනුවෙන් තමා ජිවත් වන්නේය යන අතාත්වික සිතුවිල්ල තුල තමා මං මුලා වුයේ යයි ඔහුට සිතිණ. තමාගේ නිරුවත වසා ගෙන සිටින්නේ තමා වෙනුවෙන් නොවන බවත් අනුන් වෙනුවෙන් බවත්, අනෙකෙකු නොමැති විට තමා විලි වසා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද , සිරුරෙහි කිසිදු වටිනාකමක් නොමැති බව ඔහුට සිතිණ.

"කෝ මගේ ආත්මය ? ",

"මට කවුරුත් නෑ, මට කවුරුත් නෑ, මට මොකුත් හිතෙන්නෑ, මට තියෙන්නේ ශරීරයක් විතරයි, මට මොකුත් හිතෙන්නේ නෑ, මට මොකුත් හිතෙන්නෑ "

එසේ මුමුණමින් ඔලුව එකදිගට කිහිප විටක් බිත්තියේ ඇන  ගත්තේය. ටික වේලාවකින් බිතියට කම්මුල තබාගෙන කුඩා දරුවෙකු සේ ඉකිබිඳින්නට විය.

"සර් මේකා  ? "

"නම ?"

"විනුර නවරත්න "

"ඕකා මරන්න  මොකටද හු..තෝ බුලට් එකක් නාස්ති කරන්නේ....? මේ නැට්ටට කිරි උනපු නැති එකෙකුට,  ගහපිය පුකට පයින් පාලං ගැට්ටක තියල, මගෙන් තවත් අහගන්නේ නැතුව  "

ඇයගේ නම රේණුකා  මලිතා විජේසේකර  නම් විය. අස්වනු නෙළන කාලයට ලුණු, මිරිස් කුණු කොල්ලයට විකිනීමට සිදුවූ ගොවියන්ගේ අදෝනාව සිත පතුලටම  කා වද්දාගත් ඔහුට ආදරේ පහස දැනෙන්නට විය. කිරි වැදුණු ගොයම් පිදුණු බඩ ඉරිඟු , රතුපාටින් ඉඳුණු මිරිස් යායවල් වලින් ද නිල දිය කඳින් ඉතිරී  ගලන වැව්  අමුණු  තම සිත කුල්මත් කළ යුගය ඔහුට සිහිපත් විය. අර්ධයක් හිස් වූ වොඩ්කා බෝතලයෙන් මිලි ලීටර් හතළිහක් පමණ වීදුරුවට වත් කර ගෙන  ශීතකරණය විවෘත වෙත යාමට තිබු අකමැත්ත හේතුවෙන්ම එය කටට  හලා  ගත්තේය. එවන් සිතුවිල්ලක සිටි ඔහුට  ඇය මුණ ගැසෙන්නේ උසස් පෙළ අධ්‍යාපණය නැවත ආරම්භ කල යුතු බවට  දෙමාපිය නෑදෑයන්ගේ වාග් සංග්‍රාමයක ප්‍රතිපලයක් ලෙසය.

එදවස තමන්ට සිදු වුයේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව සිටින විට, තමා උන්මත්තකයෙකු ලෙස තම හිතවතුන් හංවඩු ගසන විට තමා කල කී දෑ  ගැන දෙගිඩියාවක් නොමැතිව, තම යුතු කම් කොටස ඉටු කිරීමට ගත්  උත්සාහය පිළිබඳව ඔහු අත්මාභිමානයෙන් යුක්තව සියල්ල විඳ  දරා ගත්තේය.

"දාගනින් ඔය රෙදි ටික බෑග්  එකට" කියා ඇඳ  මත ගොඩ ගසා තිබු රෙදි ගොඩ  ඔහුට පෙන්වුයේ ඔහුගේම වැඩිමහල් සහෝදරියයි.

එක පෙලට නිරුවතින් පෙළ ගැසී දිනකට ලැබෙන එකම කෑම වේලට පෝලිං ගැසී සිටින විට එකෙකු ඉදිරිපසින්  පැමිණ යටි බඩට යකඩ සපත්තු පහරක් එල්ල කර  බිම ඇද වැටුණු පසු තවකෙකු  තුවක්කු බඳෙන් නාලි  දණ්ඩට පහරදුන් විට දැනෙන වේදනාව දරා ගත්  ඔහුට තම හිතෛෂීන්ගේ  වාග් ප්‍රහාර වලදී ඔවුන් පිලිබඳ අනුකම්පාවක් පමණක් ඇති වුනේය. සියල්ල පාවාදුන් පරිසරයක් තම සමාජ කාර්ය භාරය පිළිබඳව මෙන්ම තම අනාගතය පිළිබඳව ද  ඔහුට විශාල ප්‍රශ්නාර්ථයක් ඉතිරි වී තිබුණේය.

පොලවට සමතලා කර තිබු රේල් පිල්ල මත තවදුරටත් ටොන් ගණනක් බරැති රේල්ලුව ඔහුගේ බරද ඔහුගේ සහෝදරියගේ බරද , තවත් සියගනනකගේ බරද පටවාගෙන ඉදිරියට ගමන් කළේය. එකට සමබන්ධ  කර තිබු වානේ රෝද යුගලක් පසු කර යත්ම රේල් පිල්ල ඉහලට එසවීමට තැත් කළේය,නමුත් සිල්බර කොටයට සම්බන්ද කළ  දැවැන්ත ඇණ එයට ඉඩ නොදුන්නේය. මොහොතකින් තවත් ටොන් ගණනක් බරැති රෝද යුගලක් රේල් පිල්ල සිල්බර කොටයට තබා අප්‍රාණ  කරන විට "ටකස්, ටකස්" ලෙස කෙඳුරුම් හඬක් පමණක් නිකුත් විය.

නානු ඔය දුම්රිය නැවතුම් පොලින් එලියට පැමිණෙන  විට ඔහුගේ අවුරුදු විසි පහක් පමණ වූ සහෝදරියගේ මිතුරියත් අවුරුදු පහළොවක් පමණ වූ ඇයගේ සොහොයුරියත් ඔවුන් පිළිගැනීමට එහි පැමිණ සිටියෝය. කුඩා පාත්ති ලෙස සකස් කර තිබු කඳු කර ඉඩම් වල කළු පස්ද ගොම ද ඇඟ පුර තවරාගත් පිරිමින් සහ ගැහැණුන්   වැසි පිනි නොතකා තම ගොවිතැන් වැඩ කටයුතුවල නිරත වන අයුරු බස් රථයේ ජනේලයෙන් ඔහු බලාගෙන සිටියේය. කුඩයක් හෝ ඉටි රෙදි කැබල්ලක් යටට වී සිටින කුඩා දරුවන් ඇතැම් ගොවි බිමක ලතෝනි දුන්හ, තවත් තැනෙක සුව නින්දේ පසු වුහ. ගෝවා කැරට් බිට් රූට් ආදී එළවලු රැගෙන යාමට පැමිණි අතරමැදියන්ගේ වාහනද පිරිසිදු ඇඳුමින් සැරසී රන් මාලයක් කරේ දමාගෙන කමිසයේ ඉහල පොත්තම් දෙක ගලවා පපුවේ රෝම කුප නිරාවරණය කරගෙන සිටි ව්‍යාපාරිකයන්ද අස්වන නෙලන ගොවිබිම් වලට ආසන්නයේ දුම් වැටියක් උරමින් කල්මරූහ.බස් රථ දෙකක ගමන් ගෙන පැයකට පමණ පසු ඔවුහු ගමනාත්තයට ළඟ වුහ.

"මුව දැන් ගමේ තියාගන්න කොහොමටත්  බෑ"

"ඒ ගැන බය වෙන්න එපා අපේ තාත්තා මල්ලිව ඉස්කෝලෙට එක්කරගෙන යයි "

වසර දෙකකට පසුව ආරම්භ කිරීමට යන පාසල් ගමන හෝ අනාගතය පිළිබද ඔහුගේ සිතේ කිසිදු හැඟීමක් ඇති නොවිය. සියල්ල සිදු වී අවසන් වුවා සේ ඔහුට ලබා දුන් කාමරයේ ඇඳ  මතට රෙදි බෑගය විසිකර අසල තිබු මේසයට තබා තිබු ලි පුටුවට වී ජනේලයෙන් කිලෝමීටර් ගණනාවක් ඉදිරියෙන් ඇති කඳු වැටිය දෙස බලාගෙන ඔහු දින කිහිපයක් ගත කරන්නට ඇත. එයට එල්ල වූ විශාලම බාධාව වුයේ පාසල් ගමනය.

දිනක් තේ කෝප්පයක් රැගෙන කාමරයට පැමිණි මලිති

"අය්යා ඇයි හිරේ ගියේ? " කියා ඇසුවාය.

"මේ ලෝකේ මිනිසුන්ට ආදරය කරපු නිසා "

"ආදරේ කරනවට මිනිස්සුන්ව හිරේ දානවද?'

"ඒවා වැඩක් නෑ, මලිති මොනාද ලෝකේ ගැන දන්නේ? ලබන අවුරුද්දේ විභාගේ කරන්න නේද ඉන්නේ? ගිහිල්ල පොතක් බලා ගන්න"

"ඔව් ඉතින් විභාගෙට ලියන්න ලෝකේ ගැන දැන ගන්න එපැයි"

"ඔය දන්නා හරිය ඇති"

"ඇයි කියල දෙන්න අකමැතිද?"

සරල රේඛාවක් ඇඳ එහි අතීතය වර්තමානය සහ අනාගතය ලෙස සලකුණු කල හැකිය, අතීත සිද්දීන් මත වර්තමානය ගොඩනැන්වී ඇති බවද අවබෝධ කරගත හැකිය, එහෙත් වර්තමානයේ අහඹු සිදු වීමක අනාගත  ප්‍රතිඵලය බලාගැනීමට කාලයන්ත්‍රයක්  නොතිබීම කොතරම් අභාග්‍යයක්දැයි ඔහුට සිතුනු වාර අනන්තය.

අතේ  තිබු හිස් වූ වීදුරුව කුඩු වී යන්නන්ට සිමෙන්ති පොලවේ ගැසීය.

විදුලු බුබුලෙන්ද, ජනේලයෙන් ද  වැටෙන ආලෝකයෙන් කාමරය පුරා  විසිවූ විදුරු කැබලි දිලිසෙන්නට විය, එම පරාවර්තිත ආලෝක කිරණ තැන තැන ආලෝක ලප ඇති කළේය. එම ආලෝකය  දෑස්මත නලියන්නට වූයෙන් ඉවසා ගත නොහී නග්න දෙපයින් විදුරු කැබලි මේසය යටට තල්ලු කරන්නට පටං ගත්තේය.නැවතත් සෝපාවට පැමිණෙන විට රත්ලේ පා සටහන් ඔහු ආ මග ලකුණු කර තිබුණි.

ගිනි අවි බෙදා හැරීම ඔහුට භාරය තිබු රාජකාරිය විය. පාසල් සිසුවෙකු වූ ඔහු සැකයට භාජනය නොවී බොහෝ ආරක්ෂක දැල් වලින් පහසුවෙන් රිංගා යාම ඔහු පිලිබඳ විශ්වාසය ඉහල නැංවීමට හේතු විය.

"චටස් කරස්....
කර කරස් චට චටස්"

ඔහුගේ අතැඟිලි ඉසියුම් ලෙස රිවෝල්වරයෙ උණ්ඩ බැරලය මුදන්නටත් යලි කරකවා පද්දා ස්ථානගත කරන්නටත් ඇසිපියලන වේගයකින් ආරක්ෂක උගුල මුදන්නටත් සමත් වූයේ කෑලි කපන අඳුරේ දී ය. 

ඝන  අන්ධකාරයේ එකල භාවිත වූ ඕනෑම ගිනි අවියක් කොටස් වලට ගැලවීමටත් නැවත එකලස් කිරීමටත් තිබු හැකියාව බොහෝ දෙනෙක් විමතියට පත් කිරීමට සමත් විය. එකම ඇඳුම දින ගණනක් ඇඳ සිටීමට පුරුදු වී සිටි ඔහු උදැසනක විවේකයක් ලැබුණු විට අයුධ ගබඩා කර තිබු ගල් ගුහාව සමීපයෙන් ගලා බසින දිය පහරින් ඇදුම් සියල්ල සෝදා ගල් තලාවේ වේලෙන්නට දමා ඒමත නිර්වස්ත්‍රව නිදා සිටි අයුරු ඔහුට සිහිපත් විය.

"ඇයි  අය්යේ ඔය එකම ඇඳුම දවස් ගානක් අඳින්නේ?"

"පුරුද්දට "

"ගලවලා දෙන්න ඔය ටී ෂර්ට් එක මම හෝදලා දෙන්නම් "

"ඕනි නෑ මං හෝද ගන්නං"

"දෙන්න අනේ ආඩම්බර නොවී, අම්මලත් ගෙදර නෑ දැන්"

ඇය ඔහුගේ බඳ වටා ඇත දෙක යවා ඇඳ  සිටි ඇඳුම ගලවන්නට උත්සහ කළේය, ඇයගේ පියයුරු යුගල ඇඳ  සිටි දුහුල් ගවුමේ  කොටට කපා තිබු කරෙන් ඔහුට දර්ශනය විය, තන පටක්  ඇඳ නොසිටි ඇයගේ තනපුඩු දුහුල් ගවුම පසාරු කරගෙන ඔහුගේ නිරුවත් උදරයේ ස්පර්ශ වන්නට  විය. ඇයගේ තට්ටම් යුගල දෑතින් මිරිකා ඇයව තම ශරීරයට තබා ඔහු තද කර ගත්තේය.

ඔහු ඇයට  ලෝකය ගැන කියා දීම ආරම්භ කළේය, නමුත් වසරක් ගතවන විට ඇය ඔහුට ලෝකය වසන් කර තැබීමට සමත් වුවාය. මස් වැදැල්ලක් මස් වැදැල්ලක සපර්ෂ වීමෙන් මිනිසෙකුගේ ලෝකාර්ථය  මෙතරම් විපර්යාසයකට ලක්වේයැයි ඔහුට සිතා ගැනීමට අපහසුය. ලෝකයට ආදරය කිරීම අවසානයේ ඇයගේ ආදරයෙන් කෙලවර වීම දක්වා වසර දෙකක චාරිකාව අද ඔහුට විලම්භිතයකි.

"සර් අර බෝයගනේ ව්‍යපෘතිතේ පරිසර අධ්‍යන වාර්තාව එවල තියෙනවා, ඒකට සර්ගේ කමෙන්ට් එක දාන්න කියල අමාත්‍යංශ ලේකම් සර්ට වෙනමම ලියුමක් එවල තියෙනවා"

කාමරයට පැමිණි සේවකයා ලියුමක් දිගු කරමින් පැවසිය. බිම තිබු කොට කලිසම ඇඳ ගැනීමට තරම් වෙලාවක් නොතිබූනද යන්තම් විලි වසා ගැනීමට තිබු වේලාව ප්‍රමාණවත් විය. ඔහු කිසිවක් නොපැවසීය.

"සර්ට සිතාසියක් තියෙනවා සර්, එළියේ රාළහාමි කෙනෙක් ඉන්නවා, මම කිව්වා සර් ඉන්නවද බලල එන්නම් කියල, මොනාද කියන්නේ සර්?"

"ඉතිං එන්න කියනවා "

"සර් මේක ඇඳ ගන්න"

"හරි හරි අරූට එන්න කියනවා"

බිත්තිය ගිගේ ගමන් කරමින් සිටින කුහුඹුවෝ  එකිනෙකා පසු පස ගමන් කලෝය. ඔවුන් දෙපසට වන ලෙස මැදින් ඇඟිල්ලෙන් ඔහු මනකංකල්පිත රේඛාවක් බිත්තියේ සලකුණු කළ විට කුහුඹුවන්ගේ සී සී කඩ විසිර ගියේය.

"ඕක කියවනවා බලන්න"

"සර් මේක රේණුකා මලිතා විජේසේකර කියල කෙනෙක් දාපු නඩුවකට"

"පට්ට බැල්ලි, ඕකිට ඕනි වෙලා තිබ්බේ ඕක විතරයි, යකෝ ඕක දික්කසාදෙට දාපු නඩුව"

සේවකයා එදෙස මද වෙලාවක් බලාගෙන සිටියේය.

"සර්, සර්, එපා, සර් එපාාාා.................................,"


- ජානක ගුණතිලක


Saturday, September 13, 2014

හකාවතී ලංකාවට







සමාජ සාර ධර්ම පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් මායිම් නොකරන අරාජික වූ ශ්‍රී ලාංකික සමාජයේ පදනම් විරහිත ආගමික, සංස්කෘතික මතවාදයන් විවිධ පැතිකඩවල් වලින් ප්‍රශ්න කිරීමට සිදුව ඇත්තේ මෙතෙක් කල් මුල්බැසගත්, සමාජයට බලෙන් පටවන ලද හා අවිඥානිකවම  වැලදගත් මතවාද මෙන්ම සමාජ මුලධර්ම වල ප්‍රතිපලයක් ලෙස පණ අදිමින් පවතින  ප්‍රගතිශීලි සමාජය දෙස බැලිමේදීය.

රාත්‍රියේ සිට සමාජ ශාලා වල  විස්කි බ්‍රැන්ඩි බෝතල් හිස් කරමින්, බිලියට් ගසමින් ගණිකාවන් සමග යහන්ගත්වෙමින් රැය පහන් කරන පාලකයෝ   උදෑසන සුද්දාගේ ජංගිය උජාරුවට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම පටලවාගෙන  වේදිකාව මතට නැග ජාතික අනන්‍යතාවය පිළිබඳව පුරසාරම් දොඩති. සිංහල බෟද්ධයන් ගේ රට ලෙස ලංකාව හඳුන්වා දෙන්නේ බුද්ධ ධර්මය නේපාලයේ සිට ලංකාවට පැමිණි බව අමතක වී දැයි ද ගැටළුවක් පවතී. සමාජ පෙරගමන් කරුවන්ගේ  මෙම පරස් පරය සමාජයට නොතේරෙන්නේ ද එසේ නොමැති නම් තේරුම් ගත්තද සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට ඇති අකමැත්ත නිසා නොතේරෙනවා සේ  සිටින්නේ දැයි වටහා  ගැනීම අපහසුය. සමස්ථයක් සේ ගත්විට මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගමනය සඳහා වන කාර්ය භාරය බොහෝ දෙනෙකුට අමතක වී ගොසිණි . මිත්‍යා දේශීය අනන්‍යතාවයක් පිලිබඳ සිහින මවන්නේ  අනන්‍ය වූ ජාන කිටුවක් හෝ නොමැති සමාජයක මිනිසුන්ය.මෙවැනි පසුබිමක් තුල ශ්‍රී ලාංකීය කලා කරුවාගේ කාර්ය භාරය සබුද්ධික ජනතාවට ගැටලුවක් වන යුගයක ඩෝසන් ප්‍රීතිගේ "හකාවතී" බොහෝ දෙනෙකුගේ කන හරහා රිදෙන්නට පහරක් ගසයි. මෙම අනන්‍යතාවය පිලිබඳ මිත්‍යා මතය බැහැර කර ශ්‍රී ලාංකීය රසිකයාට මිනිස් වර්ගයා පිළිබඳව විශ්වීය අත්දැකීමක් ලබා දී, මිනිස් සමාජයේ විවිධ ගැටළු අලුත් කෝණයකින් විග්‍රහ කරන්නට ආරාධනා කරයි. "හකාවතී"ලෙස කෙටි කතා සංග්‍රහය නම් කිරීමද බොහෝ දෙනෙකුට ගැටලුවකි. "හකාවතී" යනු ගුවන් විදුලි, රුපවාහිනී නැති යුගයක කතන්දර කියන්නෙකි. මෙය අරාබි භාෂාවේ එන වචනයකි. 2008 වසරේදී ලෙබනන් ජාතික .රබින් අලම්දින් නම්  කතුවරයා විසින් The  Hakawati නම් ග්‍රන්ථයක් ඇමරිකාවේදී පල කිරීම හේතුවෙන් මෙම වචනයේ තේරුම අරාබි කරයෙන් පිටත මිනිසුන් අතරට පැමිණියේය. හුදෙක් වචනයේ අර්ථයෙන් පමණක්  එහි සමාන කමක් තිබුනද වෙනත් කිසිදු සමාන කමක් මෙම ග්‍රන්ථ අතර නොමැත.එවැනි යුගයක කතන්දර කියන්නෙකු ඉතා වටිනා චරිතයකි, රුපවාහිනී, ගුවන් විදුලි පමණක් නොව අතේ ඇති ජංගම දුර කථනයේද අන්තර් ජාල පහසුකම් ඇති යුගයක හකාවතී සමාජ ගතවන්නේ පාටකයාට සමාජය දැකීමට නව උපැස් යුවලක් ලබා දෙමිනි.


එක්  අතකින් සියලු සමාජ වගකීම් අමතක කොට පවුල වෙත පසු බසින අප සමාජයේ පැති කඩක් නිරූපනය  කිරීමට  "විනෝදය" කෙටිකතාව තුලින් උත්සහ දරා තිබේ, සමාජ වෙබ් අඩවි ටෙලිනාට්‍ය, දේශපාලන  වන්දි බට්ටයන්ගේ පුවත් පත්, ගුවන් විදුලි සේවා, වෙබ් අඩවි හරහා විනෝදය සොයා යන යථාර්තය නොදකින සමාජයයේ එක් පුද්ගලයෙකු ලෙස  එම කෙටි කතාවේ ප්‍රධාන චරිතය ලෙස එන "සුගතදාස  වලිමුලි" හැඳින්විය හැකිය. විශ්‍රාමික ගුරුවරයෙකු මෙන්ම ලේඛකයෙකු වන ඔහු නවකතාවක් ලියන්නේ යයි හඟවමින් සිටියද මුහුණු පොතේ සිට කාලය කා දමයි. ඔහුට සමාජය පිලිබඳ මනා වැටහීමක් තිබුනද, එහි ගමන සුභවාදී නොවන බව හැඟී ගියද ඔහු තම විනෝදයට බාධාකරගැනීමට මැලි කමක් දක්වයි. මිනිසුන්ගේ තාවකාලික විනෝදය සමස්තයක් ලෙස කොතරම් විනාශකාරී දැයි මෙයින් අනතුරු අඟවා තිබේ. මෙම විනෝදය සැපයීම තුල පැවැත්ම තහවුරු කරගන්නා දේශපාලුවන්ගේ ගොදුරු වන්නේ ඔහුන් පමණක් නොව මුළු මහත් සමාජයමය. ජනතාවට අවශ්‍ය විනෝදය සපයා  දීමටත් එම විනෝදය තුල සිවිල් සමාජයේ අත් පය ගැටගසා කටට ප්ලාස්ටර් අලවා නිහඬ කර  දේශපාලකයන් උන්මත්තකයන් ලෙස අන පනත් වෙනස් කරමින් නිතිය අතට ගනිමින් සිටින ආකාරය "On Line පාන්ෂකුල" කෙටිකතාවෙන් උපහාසාත්මකව   සාකච්චාවට බඳුන් කර ඇත.

සමාජ ප්‍රවාහයක් වෙනස් කිරීමට විප්ලවයක් අවශ්‍යය, නමුත් එම කටයුත්තට මිනිසුන් සුදානම් කිරීම අතීතයේදී එතරම් අපහසු කාරණයක් වුයේ නැත. විප්ලවවාදීන් මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන පස්චාත් විප්ලව යුගයේදී ඒවා ක්‍රියාවට නැංවීම තුලින් දියුණුවේ හිනිපෙත්තටම පැමිණි ජාතීන් පිළිබඳව උදාහරණ බොහොමයක් වේ. 1775 ඇමරිකානු නිදහස් සටන, 1793 දී ප්‍රංශ විප්ලවය,  1917 රුසියානු විප්ලවය, 1953 කියුබන් විප්ලවය ආදිය මෙයට කදිම නිදසුන්ය. නමුත් පස්චාත් නුතන යුගය වනවිට ඉතා සංකීර්ණ මෙන්ම ව්‍යාකුල වූ මනෝ භාවයන් විප්ලවවාදීන් විසින් ඉතා සියුම් ලෙස හැසිරවීමට අපොහොසත් වූ බවක් දක්නට ලැබේ. එබැවින් සාර්ථක ප්‍රතිපල ලබාගත් විප්ලවයක් මෑත යුගයේදී හමු නොවේ. ජනතාවට විප්ලවයකට පෙළ ගැසුනද, ඔවුන්ගේ සිතුම් පැතුම් වල වෙනසක් සිදු නොවීම හේතුවෙන් ම විප්ලවයෙන් පසුව අරාජික වූ රටවල් බොහොමයක් මෑත ඉතිහාසය තුල දක්නට ලැබේ. හොඳම උදාහරණ වන්නේ ඊජිප්තුවයි, සිරියාව තුර්කිය වැනි රටවල ඉරණම එයින් බොහෝ වෙනස් වේ යයි සිතීම අපසුය. "මිරැන්ඩා" කෙටි කතාව  ශ්‍රී ලංකික මෑත ඉතිහාසයේ විප්ලවාදීන්  සැබෑ ලෙස මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනා නොගැනීම හේතුවෙන් ම සහ විප්ලවයට පෙර එම සිතුම් පැතුම් වෙනස් කර අවශ්‍ය මුලික වටපිටාව සකස් කර නොගැනීම හේතුවෙන් ඇතිවන පරස්පරය තුල අසාර්ථක වන ආකාරය විශ්ලේෂණය කිරීමට ගත උත්සාහයක් ලෙස පෙනේ. එසේම සාර්ථක හෝ අසාර්ථක විප්ලවයකින් පසු ශේෂ වන ද්‍රව්‍යමය සහ මානසික කරුණු හේතුවෙන් සමාජය අරාජික වන ආකාරය  "මාරාව" කෙටි කතාව තුලින් ඉතා කදිමට ඉදිරිපත් කරයි. එහි භාෂා හැසිරවීම ඉතා විශිෂ්ටය.

මිහිපිට කිසිම මිනිසෙකු අත් දැක නැති නිර්වාණය, වැනි අවිධ්‍යාත්මක ආගමික සංකල්ප උපහාසයෙන් යුතුව බැහැර කරන්නේ "සඳකඩ පහණ" කෙටි කතාවේදීය. දාර්ශනිකයෙක් ලෙස බුදු රජාණන් වහන්සේගේ ඉතා උසස් තලයක සිටි බව අවිවාදයෙන් පිළිගත යුතුය, දර්ශනයක් ලෙස බුද්ධ ධර්මය ඉතා වටිනා සමාජ මෙහෙවරක් ඉටු කළ බව සැබෑය, නමුත් ගැටලුව වන්නේ සිංහල බෟද්ධ රාජ්‍ය තුල පවතින්නේ එම බුද්ධ ධර්මයද යන්නය. සිඟාලෝවාද සුත්‍රයේ එන දෙමාපියන්ගෙන් දරුවන්ට- දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු විය යුතු යුතුකම් වත් ලංකාවේ චීවර ධාරීන් මිනිසුන්ට උගන්වා තිබේ දැයි ඇත්තේ ගැටලුවකි. නමුත් ඔවුන්  ගිනි අවියක් කරේ එල්ලාගෙන අහිංසක දෙමල දරුවන්, ගැබිණි මව්වරුන් මරාදමන්නට යන සෙබළුන් කී  දහසකගේ අත්  වල පිරිත් නුල් බැඳ ඇත්ද? මිනී මරු දේශපාලකයන්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ට දින පතා ආශීර්වාද පුජ පවත්වති. බෟද්ධයෝ  පන්සිල් රකිති, සතුන් නොමරති, එහෙත් තම සිඟිති දරුවන්  පන්සලේ ගල්තලාවේ ගසා මරා දමති, බිරිඳ සහ දරුවා මරා වල දැමීමට ගෙතුලම වලවල් හාරති. මෙවන් යුගයක ශ්‍රී ලංකාවේ ආගමික මතවාද ප්‍රශ්න කල යුතුව ඇත. එය ඩෝසන් විසින් කිරීමට ඉදිරිපත් වීම කාලෝචිතය.


'හකාවතී " කෙටි  කතා සංග්‍රහය තුල සකච්චා වන බොහෝ දෑ  අතරින් ඉතා වැදගත් සංකල්පයක් වන්නේ, මිනිසුන් තුල පවතින මිලේච්චත්වයයි එසේත් නොමැති නම් අසැබි සිත්විලිය. මෙය ඉතා කදිමට එසේම රසවත්ව ඉදිරිපත් කරන එක් අවස්ථාවක් වන්නේ "ජයසරනංකර " කෙටි කතාවේය. මිනිසුන්ගේ අසැබි සිතුවිලි යනු යම් පිරිසකට පමණක් සිමා වුවක් නොවන බවත් සියලු මිනිසුන් තුල එවැනි සිතුවිලි පවතින්නේය යන දැනුම සමාජයේ බොහේ දේ විග්‍රහ කර ගැනීමට අතවශ්‍යය. එබැවින් එම විරල ගැඹුරු ප්‍රවේශය අගය කල යුතුය.

ඩෝසන් ප්‍රීති මෙම කෙටි කතා සංග්‍රහය තුලින් ඉතා වැදගත් මෙන්ම බරපතල සමාජ කරුණු ගණනාවක් වේදිකා ගත කරයි. සියුම් ලෙස සලකා  බැලීමේදී ඔහුගේ ලියවිල්ල තුල මිනිස් මනෝ භාවය පිලිබඳ ගැඹුරු හැදෑරීමක් ද සහිතය, එසේම ඔහු සමාජයට යම්  පණිවිඩයක් දෙමින් ඔවුන්ට ආරාධනා කරන්නේ දැනුම තුලින් තම තමන්ගේ සමාජ කාර්ය භාරය පිළිබඳව ස්වයං විග්‍රහයක යෙදෙන ලෙස නොවේද?

- ජානක ගුණතිලක



Saturday, May 10, 2014

අමරණිය පිරමීඩය -( කෙටි කතාව - 9 )

                                       අමරණීය පිරමීඩය






කෙළවරක් නොපෙනෙන නිල් පැහැති සාගරයේ පාවෙමින් තිබු එම දැවැන්ත නෞකාව දිගින්  මීටර දෙදහස් දාහතරක් විය. නැව් තට්ටුවමත තැබූ  විශාල දිය  බුබුලක්  සේ විදුරු වලින්  ආවරණය කළ  නියමු කුටිය අවම වශයෙන් හැට දෙනෙකුටවත් ප්‍රමාණවත් වන සේ සකසා තිබිණ. මෙය නැව් තට්ටුව මත නැවේ ඉදිරි පසට වන්නට පිහිටා තිබිණ. නියමු කුටියට පිටුපසින්  වර්ග කිලෝමීටර දෙකක පමණ ප්‍රදේශය එහි ගමන් කරන මගීන්ගේ විනෝදාශ්වාදය සඳහා අලංකාර උයනක් නිර්මාණය කිරීමට වෙන් කර ඇති බව එය නිෂ්පාදනය කිරීමට පෙර  මුලික සැලසුම් පුවත් පත් වල ප්‍රචාරය කරන විට සඳහන්ව පැවතියත් පසුව එම සැලසුම් ක්‍රියාත්මක නොවිණ. මහල් හතකින් යුත් එම නෞකාවේ ඉහලම මහල් දෙක එහි  ගමන් කල කපිතාන්ගේ ඥාතීන් සහ ප්‍රභූන් සඳහා වෙන් කර තිබිණ. සතියේ දින පහක් තිස්සේ මස් ගාත ගිලදමමින්ද, වර්ණවත් විවිධ හැඩවල  බෝතල් වල අසුරා ඇති මිල අධික මත් පැන්  පානය කරමින් ද මධ්‍යම රාත්‍රිය වන තුරු නෞකාවේ අවන් හලේ රැඳී සිට එහි සේවය කරන   සුරූපී නළඟනන්  සමග රැය පහන් කරන ප්‍රභූ  පුතුන්ගේ නහර වල තැම්පත් වන කොලෙස්ටරෝල් තට්ටු සති අන්තයේදී දිය කර හැරීමට සකස් කළ පා පන්දු  පිට්ටනිය නියමු කුටියට පසු පසු පසින් ඊට යාබදව සකස් කර තිබිණ.ඊට සමාන්තරව දැල් පන්දු ක්‍රීඩා පිට්ටනියකි.  කපිතාන්ගේ දියණිය නායකත්වය දරන දැල් පන්දු කණ්ඩායම ද කපිතාන්ගේ පුත්‍රයා නායකත්වය දරණ  පා පන්දු කණ්ඩායම ද  සෑම සති අන්තයකම හවස සහ  රාත්‍රියේ පවත්වන දැල් පන්දු සහ පා පන්දු තරඟ වලදී ජයග්‍රහණය කරති. කපිතාන්ගේ දෙවන විවාහයේ තරුණ බිරිඳ දියණියට  ද කපිතාන් පුත්‍රයාටද කුසලානය බැගින් පිරි නමා සෑ ම සති අන්තයකම ජය පැන් බොති. නැව් තට්ටුවේ අපර ප්‍රදේශයේ වර්ග කිලෝ මිරටරයක පමණ  සින්තටික් මෝටර් රථ ධාවන පථයකි, සෑම පසළොස්වක පොහොය දිනකම කපිතාන්ගේ පුත්‍රයා පදවන මෝටර් රථය ජය ගන්නා  තරඟයක් එහි පවත්වයි. නියමු කුටිය මැදින් ඉහලට ගමන් කරන කුඹගස මිටර් හැත්තෑ පහක් පමණ උසින් යුක්ත විය. කුඹ ගසේ ඉහල සකස් කර ඇති අට්ටාලයේ සිට ඔත්තු බලමින් සිටි කොටළුවන් දෙදෙනා දින කිහිපයක් තිස්සේ නිල් සයුර හැර කිසිවක් නිරීක්ෂණය නොකළෝය.

නියමු කුටියේ සිටි කපිතාන් නෞකාවේ   ඉංජින් සියල්ල  නතර කිරීමට රහස් පණිවිඩ යවා  තිබිණ. ඉංජින් කාමරයේ සිටි තාක්ෂණික නිලධාරියා නැව නතර කිරීමට හේතුව විමසා සිටියේ කපිතාන්ගේ පණිවිඩ කරුවාගෙනි.

"අපි දැන් නැව න්‍යෂ්ඨික ඉන්ධන වලින් දුවන්න ලෑස්ති කරලා තියෙන්නේ, ඔය ගල් අඟුරු වැඩ දැන් ඉවරයි, ගල් අඟුරු නොදැම්මට බලන්නකෝ නැව යන අපුරුව "කියා ඔහු බිත්තියේ සවි කර තිබු රුපවාහිනී තිරය දෙසට දබරගිල්ල යොමු කර පිටත්ව ගියේය. දැවැන්ත ඉංජිම නතර වී තිබුණද විශාල පුළුල් තිර වල නෞකාව  ඉදිරියට ගමන් කරන බව පෙන්වන පටිගත කරන ලද දර්ශන සජීවී ඒවා ලෙස විකාශනය වෙමින් පැවතිණ. සාගරය නිස්කලංකය මෘදු රළ නැව් බඳේ ගැටුනද එය නැව සෙලවීමට තරම් ප්‍රමාණවත් නොවේ. දෙපස සවි කල විශාල දැති රෝද යුගලකින් මුහුදු ජලය කළඹා රළ ඇති කර පටිගත කරයි. නැව ගමන් කරන විට ඉංජිමෙන් නිකුත් වන හඬ ද පටිගත කර රූපවාහිනී තිර වල දර්ශන වලට සමගාමිව විකාශනය කෙරිණ. තාක්ෂණ නිලධාරියාට  තමා සිටින්නේ පියවි සිහියෙන්දැයි අසිහියෙන්දැයි සිතා ගැනීමට නොහැකිව අසල තිබු පුටුවට ඇද වැටුනේය.

සියලු රුපවාහිනී තිර වල විකාශන වල සාමාන්‍ය විකාශන කටයුතු හදිස්සියේ නතර විය, අනතුරු හැඟවීමේ සයිරන් නලා නැව පුරා නාද  විය, නිදා ගෙන සිටි වුන් අවධි වුහ, කොරිඩෝ වල ගමන් කරමින් සිටි ආරක්ෂක නිලධාරින්ද, තම ළදරුවන්ට කෑම කවමින් සිටි සහ මව් කිරි දෙමින් සිටි මව්වරුන්ද, පිළිසකර වැඩ වල නියුතු සේවකයන්ද ප්‍රාණවත් වූ පුරුෂ ලිංග  මෙන් තම කන් ඉහලට ඔසවා ඇස් ගෙඩි ගොළු බෙල්ලෙකුගේ සංවේදක මෙන් ඉදිරියට යොමාගෙන එම තිර දෙසට තම අවධානය යොමු කලෝය.කළු පැහැති  වූ තිරයේ "BREAKING NEWS " ලෙස  දිස් වූ රතු පැහැති අකුරු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෝය. මොහොතකින් නැවේ නියමු කුටියේ  සිට ගෙනෙන සජීවී ප්‍රවෘති විකාශය ආරම්භ විය. කපිතාන් එයට සජීවීව සම්බන්ධ කරගන්නා  ලදී.

"සතුරු නැව් සමුහයක් වේගයෙන් ඒෂියන් වොන්ඩර්ස් නැව  දෙසට වේගයෙන් ලඟා වන  බවත් සියලු දෙනා සටනට සුදානම් විය යුතු බවත් කපිතාන්  විසින් ප්‍රකාශ කරන ලදී. ඉහළ අට්ටාලයේ සිටින කොටළුවන් දෙදෙනාද සජීවී ප්‍රවෘති විකාශය අතර තුර සම්බන්ධ කරගන්නා  ලදී. ඔවුන් පවසා සිටියේ අඩුම තරමින් සතුරු නැව් හතරක් මේ වන විට ඔවුන්ගේ දුරේක්ෂ වලට නිරීක්ෂණය වන බවත් සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවත්ය. ඔවුන් දෙදෙනා ඉදිරියේ වූ පරිගණක තිරය හරහා නියමු කුටියේ සිට ලබා දුන් වාර්තාව එසේ ඉදිරි පත් කළේය."

කපිතාන්ගේ අණින් මහල් හතකින් යුත් මුළු නෞකාවම මහා සටනකට සුදානම් වුයේ එහි යුධ නිතිය ක්‍රියාත්මක කිරීමත් සමගිනි. ඉහලම මහලේ සිටි ඔහුගේ නෑදෑ පිරිවර ද දෙවන මහලේ සිටි ප්‍රභූ පිරිවරද පහත මහල වලට පැමිණ ඒවායේ හුන් පිරිස දැනුවත් කරන්නට වුහ. සතුරු සේනා වලට නිරීක්ෂණය කිරීමට නොහැකි වන ලෙස පිටතට ඇති සියලු විදුරු කවුළු කළු කඩදාසි වලින් ආවරණය කිරීමට ඔවුන් උපදෙස් ලබා දුන්නෝය. ඉන් පසුව ටෙලිනාට්‍ය අතරතුරද පුවත් රුපවාහිනී නාලිකාවේ විකාශනය විය, නමුත් වෙළඳ දැන්වීම් වල අඩුවක් පෙනෙන්නට තිබුනේද නැත. ඉහල සිටි කොටළුවන් දෙදෙනා ඇස් ගෙඩි ලොවි ගෙඩි මෙන් කරගෙන පුවත් ඉදිරිපත් කළහ. එම ප්‍රවෘතියෙන් පසු දින සිට සතුරු සේනාවට විරුද්ධව සටන් ආරම්භ කළ බව ප්‍රචාරය කෙරිණ. ඉන් පසු දින කිහිපය පුරා කොටළුවන් දෙදෙනා රාත්‍රී පුවත් ඉදිරිපත් කරන අතරතුර අහසේ මල්වෙඩි මෙන් අලංකාර රටා මවමින් නැවෙහි තුවක්කු වලින් පිටවන මුනිස්සම් සහ කාලතුවක්කු වලින් පිටවන උණ්ඩ  පිටු පසින් දිස් විය. 

හාර සියයක් පමණ වන නාවික සෙබළුන්ට සහය වනු පිණිස පහත මාල වල සිටි, නෞකාවේ පන්සියයක් පමණ වූ සේවක මණ්ඩලය හැරුණු විට අනෙක්  සියලු වැඩිහිටි පිරිමින් හට දින තුනක කඩිනම් යුධ පුහුණුවක්  ලබා දීමට කටයුතු සකස් කෙරිණ. ඔවුන් මෝටර් රථ ධාවන පථයේ සකස් කර තිබු ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කරන ස්ථානයේ පුහුණු වන ආකාරයද ශාරීරික අභ්‍යාස වල යෙදෙන ආකාරයද නිතර නිතර රුපවාහිනී දර්ශන වල විකාශය කරන ලදී. අවම වශයෙන් දිනකට එක් වරක් හෝ නාවික සෙබළුන් සමග කඩිනම් පුහුණුව ලැබූ ආධුනික සෙබලුන්ද බෝට්ටුවල නැගී සටනට යන බව පෙන්වුවද කිසිවෙකු නැවත පැමිණෙනු දක්නට නොවිය.

සතියක් පමණ ගතවන විට සටනට ගිය  තම ස්වාමි පුරුෂයා හෝ පියා නැවත එනතුරු හෝ අවම වශයෙන් රූපවාහිනී තිරයෙන් දැක ගැනීමට හෝ බලාගෙන සිටි බිරින්දෑ වරුන්ද දු දරුවන්ද නොකා නොබී තැන තැන හිස් ගසා ගනිමින් වැලපෙන්නට වුහ.  සටනට යාමට සුදානමින් සහ පුහුණුවට යාමට සුදානමින් සිටි සෙබළුන්ගේ ඥාතීන් ගේ අදෝනාවද එයට නොදෙවෙනි විය. තම අත කන කර රන් අභරණ නැවේ පාලකයන්හට ලබා දී අමරණිය පිරමිඩයට ගමන් කිරීමට මැවූ  සිහිනය සිහිනයක්ම පමණක් බව එහි සිටි තමන් වැන්දඹුවන්ද, වැන්දඹුවන්  නොවන වග ද නොදත් කාන්තාවන්ට  කෙමෙන් වැටහෙන්නට විය. නෞකාවේ ඉහල මහල් දෙකේ හැරුණු විට අනෙක් මහල් පහේම සිටි පිරිසගේ සිත් වල බලාපොරොත්තු රහිත මෙන්ම අවිනිශ්චිත අනාගතයක පෙරනිමිති දළුලා වැඩෙන්නට විය. තැන තැන කාමර වල සහ ආලින්ද  වල දී මුණ ගැසුණු කාන්තාවෝ  හෙමින් තම දුක් ගැනවිලිද අනෙකුන්ගේ  ඕපාදුප ද කතා කළහ.

මෙසේ කතා කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඈතින් පැමිණෙන ආරක්ෂකයෙකු දැක අනෙකාද අතින් ඇද ගෙන තම කාමරයට ගියේ තම කතාව අවසන්  කර ගැනීමට නොහැකි වූ  බැවිනි.

"උඹ දැක්කද ඔය කොරිඩෝවේ ආපු එකා හවසට හවසට අර කෙලවරේ කාමරේ එකීගේ කාමරේට රිංගනවා "

"නෑ "

"තව දවසක් දෙකත් යනකොට අපේ මිනිස්සු ආවේ නැත්තන් අපිටත් ඉතිං උන් එක්ක බුදියගන්න  වෙයිද දන්නේ නෑ  බං"

" උන්ගේ තුවක්කුව අපේ බෙල්ලට තිබ්බම  ඉතිං අපි මොනා කරන්නද? මුහුදට පනින්න යැ ?"


දිනක් රාත්‍රියේ ඉංජින් කාමරයේ රැස්වූ ආරක්ෂක නිලධාරීන් සියයක් පමණ දෙනා අමතමින් සිටියේ සන්නිවේදන අංශයේ සේවය කරමින් සිටි තාක්ෂණික නිලධාරියෙකි.

"සහෝදරවරුනි, අපේ ඉරණම හරියට පිඹුරෙකුට අහුවෙච්ච ගොදුරක තරමට අවාසනාවන්ත වෙලා තියෙන බව මෙතන ඉන්න කී දෙනෙ කුට වැටහෙනවද, තවත් කී දෙනෙක් වටහ ගණන උත්සහා කරනවද කියල මට කියන්න බෑ, ඒත් මේක ප්‍රත්‍යක්ෂයක් බව නම් තව දින දෙක තුනකින් හැමෝටම තේරෙන්න පටන් ගනීවි. දැන් මේ නැවෙන් මරණය හොයාගෙන යනවා හැරෙන්නට අමරණිය පිරමිඩය හොයාගෙන යන එක හීනයක් වෙලා ඉවරයි."

ක්‍රම ක්‍රමයෙන් තාරතාවය ඉහල ගිය  ඔහුගේ හඬ මෙගා ෆෝනයෙන්  කාමර කිහිපයක සිටි පිරිසට ඇසෙත්ම එකිනෙකා ඔහුගේ කතාව ඇසීමට ඇඟිලි වලින් ඇවිදිමින් ඉංජින් කාමරය දෙසට රොක් වුහ.

දරුවන් කිහිල්ලේ ගසා ගෙන පැමිණි මව් වරුන් දෙස බැලූ ඔහු,

"උඹලගේ මිනිස්සු ආයේ  එන්නේ නෑ, මේ නැවට පහර දෙන්න කවුරුත් ආවේ නෑ, ඔය කොටළුවෝ කියන ඒවා ඔක්කොම බොරු, අපේ මිනිසුන්ව බෝට්ටුවල දාලා ඉස්සරහට යවල මේ නැවේ කාලතුවක්කු වලින් ම උන්ගේ බෝට්ටු වලට ගහන එකයි සිද්ධ වෙන්නේ, අපේ ගෑනුන්ගේ රත්තරන් බඩු  ටික පෙට්ටි වල අහුරලා තියාගෙන ඉන්නේ අපිව පිරමීඩයට ගෙනියන්න නෙවෙයි, උන්ට යන්න. මෙන්න තියෙනවා හදපු සැලසුමේ පිටපත, ඊළඟට කරන්න හදන්නේ, නැව ගිලෙනවා කියල ගෑණු දරුවෝ බෝට්ටු වල දාල නැවෙන් පිට කරලා උන්ටත් කාල තුවක්කු පත්තු කරලා ඔය උඩ  තට්ටුවේ ඉන්න එවුන් විතරක් අමරණිය පිරමිඩයට යන්න හදන එකයි"

ඔහු තම අතේ තබාගෙන සිටි පිටු දහයක් දොළහක් සහිත කඩදාසි මිටිය ඉහලට ඔසවමින් උද්වේගයෙන් කතා කළේය.

එහි සිටි පිරිස කසු කුසු ගාන්නට වුහ. මොහොතකින් සියලුදෙනා නොසන්සුන් වන බව කථිකයාට පැහැදිලි විය. ඔහුට නැවත කතාව ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් බලා සිටීමට සිදු විය. නමුත් කතාව නැවත ආරම්භ කලේ ඔහුනොව ඔහුට යාර කිහිපයක් දුරින් තිබු අඩි පහක් පමණ උසැති ගල් අඟුරු ගොඩ උඩ නැග මෙතෙක් වේලා සන්නිවේදන සේවකයාගේ කතාවට සවන්දුන් මහලු ආරක්ෂක නිලධාරියාය. ඔහු කථිකයාගේ සමීපයටම පැමිණ

"මේවා අඬ බෙර ගහල කරන්න පුළුවන් දේවල් නෙවෙයි, කටේ හයියට ඇඟේ හැඩි දැඩි කමට විප්ලව කරපු කාලේ ඉවරයි කොල්ලෝ, සැලසුමක් හදපන් බෙරිහන්දෙන්නේ නැතුව"

තව තවත් පිරිස එක් රැස් වන විට ආරක්ෂක නිලධාරීන් එහි  රැස්ව සිටි  පිරිස විසුරුවා හැරියේය. සන්නිවේදන සේවකයා, මහලු ආරක්ෂක නිලධාරියා සහ තවත් කිහිපදෙනෙකු එහි තව දුරටත් සාකච්චා කරන්නට විය.

"අපිට මේ විනාශයෙන් බේරෙන්න විශාල බලයක් උවමනා කරනවා, එකේ පළවෙනි අඩිතාලම මිනිස්සු, මිනිස්සු කිව්වට නිකම්ම බත් අසූචි  වලට හරවන ශරීර නෙවෙයි, නිරවුල් මනසක් තියෙන හිතන්න පුළුවන්,අනිත් එවුන්ගේ පසුගාමී හිතුවිලි යටපත් කරලා තමන්ට නොලැබෙන නමුත් තමුන්ගේ දරු මුණුබුරන්ට ලැබෙන යහපත්  සමාජයක්  වෙනුවෙන් ජීවිතය කැප කරන්න පුළුවන් මිනිස්සු ටිකක් එක්ක තමයි මේ දේ කරන්න පුළුවන්"

මහලු ආරක්ෂක නිලධාරියා නොනවත්වා කියාගෙන ගොස් තමා දෙස බලා සිටින පිරිස කුමන ප්‍රතිචාරයක් දක්වන්නේදැයි සැක සහිතව බැලීය. පිරිස ඔහුගේ මග පෙන්වීම අපේක්ෂාකරන බව මහල්ලාට වැටහිණ. නැවතත් ඔහු කතාව ආරම්භ කළේය.

"මේක පටන් ගන්න  වෙන්නේ  සන්නිවේදන අංශයෙන්ම තමයි, පුලුවන්නම් කැප්ටන්ගේ ඊ මේල් හැක් කරන්න, නැවේ තොරතුරු අඩංගු මෘදුකාංග පද්ධතියට ඇතුළු වෙන්න, රුපවාහි විකාශන වැඩ සටහන් වල සත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න: අපි සැලසුම් හදන්න ඕනි මෙතනින් කියලයි මට හිතෙන්නේ"

ඔවුන්ගේ කතාබහ මධ්‍යම රාත්‍රිය වනතුරුත් අවසන් වී නොතිබිණ.

"සතුරු සේනාවට නැවේ යුධ රහස් හෙළි කිරීමට සැලසුම් කල කල්ලියක සාමාජිකයින් පස් දෙනෙකු ඊයේ මධම රාත්‍රියේදී අත් අඩංගුවට ගත් බවත්, එම පිරමිඩ ද්‍රෝහීන්ට  නායකත්වය දුන් සන්නිවේදන අංශයේ තාක්ෂණික නිලධාරියා  මුහුදට පැන දිවි නසාගත් බවත්, කණ්ඩායමට උපදෙස් ලබාදුන් ජේෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත" බවද පසුදින උදෑසන පුවත් විකාශයෙන් කියවින.

දුක් විඳීමේ අරමුණක් තිබිය යුතුය, කිසිදු සැලසුමක් සාර්ථක නොවන බව මහලු ආරක්ෂක නිලධාරියාට වටහා ගැනීමට ඕනෑ තරම් සාක්ෂි විය. මෙම නෞකාව දියත් කර දින කිහිපයක් ගත වන විටම ඔහු මෙම විනාශයේ පෙරනිමිති දකින්නට විය, නමුත් කිසිවෙකු ඔහු පැවසු දෙයක් විශ්වාස කලේ නැත. ඔහු කියූ දේවල් සත්‍ය බව දැක ගැනීමට දැන් ඉතිරිව ඇත්තේ අතලොස්සකි. දින දෙකක් තිස්සේ වෙඩි බෙහෙත් ගබඩාවේ හිස් පීප්පයක සැඟවී සිටි ඔහු අවසන් තිරණයක එළඹින. "ජීවිතය නම් රෝගයට නින්ද තාවකාලික ඖෂදයකි, මරණය ස්ථිර විසඳුම වේ" යයි ඔහු කුඩා කල ඇසු කියමන සිහි විය. මෙහි දුක් විඳින මිනිසුන්ගේ හෙට දින වඩාත් අඳුරු බව ස්ථිරය, මෙහි සැප විඳින්නන්ගේ හෙට දින වඩාත් සැපවත්ය. දුක විඳීමට වඩා මරණය සැපවත් බව මහල්ලා සාක්කුවේ වූ ගිණි පෙට්ටිය එලියට ගනිමින් කල්පනා කරන්නට විය.


ඉන් සතියකට පමණ පසුව ජීවිතාරක්ෂක බෝට්ටු හතරක සිටි හැට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදු කොල්ලකරුවන් ගේ කුඩා නෞකාවකට අසුවිය. සුදු පැහැති නවීන පන්නයේ නෞකාවක් වූ එහි නැව් බඳෙහි මීටර් දෙකක පමණ නිල් පැහැති ඉරක් නැව වටා ගොස් තිබිණ. නැවෙහි ඉදිරි පසදී එහි පළල මීටර් තුනකට වඩා වැඩි  විය. ඉහල සවි කල දිගු දුර ප්‍රහාර එල්ල කල හැකි අවි වලින් එය නාවික සෙබළුන් භාවිතා කරන නැවක් බව පැහැදිලි විය. දිගින් මීටර් හතලිස් පහක් පමණ වූ එහි සියලු නවීන මෙවලම් මෙන්ම ඉහලම ස්ථානයේ කුඩා රේඩාර් යන්ත්‍රයක් ද විය. එහි උත්තල දර්පනයක් සේ දිස් වූ ලෝහ තැටිය  අංශක එකසිය අසූවක කෝණයකින් දෙපසට් බ්‍රමණය වන බව නැවට සමීපවත්ම දැකගත හැකි විය. විසි දෙනෙකුට ගමන් කල හැකිව තිබු බෝට්ටු වල පස් දෙනෙකුගේ බරට සෑහෙන කිලේ දෙසිය පනහක් පමණ මිනිසුන් සුර ලොවට සැනින් ගෙන යා හැකි වටිනා ඖෂධ  ගෝනි වල දමා පටවා තිබිණ.බෝට්ටු වල බර වැඩි වන විට ආරක්ෂාවට තිබු තුවක්කුද මුහුදට විසි කළහ.  මහලු කපිතාන්ගේ  අත් පිටු පසට තබා  කඹයකින් ගැට ගසා කකුල් දෙකද  පිටි පසට කර දණහිසෙන් අත් වලට තබා කොමාවක හැඩයට එක් බෝට්ටුවක  බිම දමා තිබිණ. කට ගැට  ගසා තිබුණු රෙදි කැබැල්ල  කෙළවලින් නැහැවී තිබුණු අතර "ආක් ඔක්" ලෙස පිටවූ වචන ඇරෙන්නට ඔහුට කතා කර ගත නොහැකි විය. නළල පුපුරා ගැලු රුධිරය වියලී යාමෙන් මුහුණේ මෝස්‌තර කිහිපයන් ඇඳි තිබිණ.පිරිස් මෙහෙය වූ කපිතාන්ගේ  සහෝදරයා සහ ඔහුගේ සහයට සිටි කපිතාන්ගේ  පුතා දෑත් ඔසවා ඔවුන් සියල්ල මුහුදු කොල්ල කරුවන්ට යටත් වන බව හැඟවිය. සමාන්තරව ගමන් කල බෝට්ටු හතරින් ඔවුන්ගේ බෝට්ටුව ඉදිරියට පැමිණ කොල්ල කරුවන්ගේ නැවට මීටර් පහක් පමණ දුරින් නතර කරන ලදී. එහි සිටි නිග්‍රෝ ජාතික  සාමාජිකයා කහ පැහැයට හුරු අඟල් දෙකක පමණ විශ්කම්භයෙන් යුත් කඹය පොටවල් කිහිපයක් රවුමට ඔතා බෝට්ටුවට විසි කර අනෙක් කෙලවර නැවේ වූ ලෝහ කණුවක ගැට ගැසීය. AK 47 වර්ගයේ රයිෆල් සරණාගත බෝට්ටු වෙත එල්ල කරගත් මංකොල්ල කරුවන් විසි දෙනෙක් පමණ නෞකාවේ ඉහල මාලයේ අඩි හතරක් පමණ උසට ඇති වැට අද්දර සිටියෝය. ඔවුන්ගේ නායකයා නියමු කුටියෙන් එලියට පැමිණ අවි අමෝරා සිටින සෙබළුන් පිටු පසින් සිටගත්තේය.

ඉණි මග බෝට්ටුවට දමා එහි සිටින කපිතාන්ගේ  සහෝදරයාත් ඔහුගේ පුතාත් ගෙන්වා ගන්නා ලෙස ඔහු සෙබළුන්ට අණ කළේය.

නාවිකයෙකු ලෙස ඇඳ පැලඳ සිටියද කපිතාන්ගේ  සොහොයුරා ඉණි මගෙහි ඉහලට නැගීමේදී කිහිප වරක් මුහදට ඇද වැටීමට ගොස් යාන්තමින් බේරිණ. ඉනිමග කඹ දෙකක් DNA අනුවක ෆොස්පේට් අණු  සහ පෙන්ටෝස් සීනි අණු ලෙස දෙපසින් විය. ද්විත්ව හේලික්ෂය සම්පුර්ණ කරමින් ඒවා සම්බන්ධ කරන නයිට්‍රුජනිය භෂ්ම ලෙස  ඇල්මිනියම් දඬු අඩියක පමණ පරතරයකින් සම්බන්ධ කර තිබිණ. දෙවනුව නැවට ගොඩ වූ නියමුවාගේ පුතා එතරම් අපහසු තාවයකින් තොරව දෙපසට වැනෙන ඉනිම නැග ගත්තේය.

"තොපි කුමන දිශාවකට ගමන් කරන්නහුද ? " මුහුදු කොල්ල කරුවන්ගේ නායකයා ඇසීය. ඔහු අඩි පහ හමාරක් පමණ උස කෙසඟ සිරුරක් සහිත සුදු ජාතිකයෙකි. රැවුල සම්පුර්ණයෙන්ම මුඩු කොට තිබු ඔහුගේ මුහුණෙන් ඉතා මිත්‍රශීලි පෙනුමක් දිස් විය. නියමුවාගේ සොහොයුරා නපුංසක පෙනුමක් සහිත වූ අතර ඉතා බයාදු ගති ඇත්තකු විය. පුත්‍රයා දාමරික ගති ඇත්තකු වුවද සතුරු දේශයකදී යටහත් වීම හැරෙන්න්ට වෙනත් විකල්පයක් නොමැති බව දන සිටියෙන් නිවට සිනාවක් පෑවේය.

"අපි ඒෂියන් වොන්ඩර්ස් නැවෙන් අමරණිය පිරමිඩයට ඇතුල් වීමට  යන ගමනේදී එය මුහුදු බත් උණා" කපිතාන්ගේ සොහොයුරා පිළිතුරු ලබා දුන්නේය. උඩු තල්ලේ ගැටෙන ලෙස ඔහුගේ මුව තුලට යැවූ දිලිසෙන පිස්තෝලයේ බටය දෙපසට කරකවා,

"තොපි ළඟ වටිනා භාණ්ඩ මොනවද තියෙන්නේ? " යැයි කොල්ල කරුවන්ගේ නායකයා පොලවේ අඩි හප්පා ප්‍රශ්ණ කළේය.

"අපි ළඟ තියෙනවා, ලොව වටිනාම ඖෂධ වලින් කිලෝ දාහක් විතර" කපිතාන්ගේ පුත්‍රයා පිළිතුරු දුන්නේය.

"ඒකෙන් උඹලට අමරණිය පිරමිඩයට යන්න බෑ , ලේසියෙන්ම මිනී මෝරුන්ගේ බඩවල්  ඇතුලට  නං යන්න පුළුවන්" නායකයා තම සගයෙකුට ඇසින් ඉඟි කරමින් පැවසිය.

කපිතාන්ගේ සහෝදරයාගේ කලිසම දිගේ පහලට මළ මුත්‍රා ගලමින් තිබිණ. ඔහුට තව දුරටත් කතා කරගත නොහැකි විය සිහිසුන්ව බිම ඇද වැටුණි. නායකයා නාසය අතින් වසාගෙන ඔහුව ඉවතට රැගෙන යන ලෙස තම පිස්තෝලයෙන් සංඥා  කරන ලදී. සෙබළුන් දෙදෙනෙකු  නැවේ කෙලවර වැට ආසන්නයට මියගිය සුනඛයෙකු සේ ඇදගෙන ගොස් බිම දමා ගිණි නිවීමට ජලය විදින රබර් නලයක් ගෙන අධි පීඩන ජාල ධාරාව ඔහු වෙත යොමු කළේය. මොහොතකින් ඔහු නැවත පියවි සිහියට පැමිණ ඉතා අපහසුවෙන් වැට අල්ලාගෙන සිටගත්තේය. ජල ධාරාවෙන් මුහුණ බේරා ගැනීමට ඔහු මුහුද දෙසට හැරුණේය. ජල ධාරාවේ පිඩනයට දණහිස් දෙක ඉදිරියට නැමී ගිය අතර කකුල් දෙක නැව් තට්ටුවෙන් එලියට විසිවී ගියේය. ඔහු මරහඬ තියමින් වැටේ එල්ලින. තට්ටම් දෙකට යොමු කල ජල ධාරාවෙන් කලිසම, යට කලිසම මෙන්ම රබර් පටියකින් ඉනට සම්බන්ධ කර තිබු කෘතීම වෘෂණ කෝෂ යුගලද  ගැලවී මුහුදට වැටිණ. නායකයා කොක් හඬලා සිනා සීමට පටන් ගත් විට තුවක්කු අමෝරා සිටියවුන් සියලු දෙනාද එයට එක වුහ. ජල පහර නතර කළ විට ඉතා අපහසුවෙන් නැවට ගොඩවූ යටි කය නිර්වස්ත්‍ර ඔහු අසල බිත්තියේ වූ ගිනි නිවීමට යොදා ගන්නා කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරය ගලවා එය  කොල්ල කරුවන්ගේ නායකයා දෙසට විසි කළේය.

එය ඔහුගේ මුහුණ ආසන්නයෙන් ගමන් කරන විට ඔහු දෙපය  නොසෙල්වා  ශරීරය ප්‍රති විරුද්ධ දිශාවට ඇල වී  ප්‍රහාරයෙන් ගැලවිණ . නැවත කෙලින් සිටගත් ඔහු වම්  පාදය පියවරක් ඉදිරියට තබා තමාට මීටර් තුනක් පමණ ඉදිරියෙන් සිටි කපිතාන්ගේ සොහොයුරාගේ දෙසට  එල්ල කර පිට පිට මුනිස්සම් දෙකක් මුඳා  හැරියේය. පළමු වැන්න පපුව සිදුරු කරගෙන මස් වැදලි සමග පිටෙන් මතුවූ අතර දෙවැන්න ඔහු ඇද වැටෙන විට නිකටෙන් ඇතුළු වී මුඛය හරහා ගොස් කුඩු වූ මොළයේ කැබලිද සමග අපර කපාල අස්ථියේ කොටසක් කඩාගෙන හිසෙන් මතු විය. වෙඩි පහරවල් සමග පිටු පසට විසි වුණු ඔහු වැටට හේත්තු විය, සෙබලෙකු වහා ඉදිරියට පැන ඔහුගේ කකුල් දෙකෙන් ඔසවා මුහුදට තල්ලු කළේය. ජල නලය අතැතිව සිටි සෙබලා බිම ඉහිරුණු ලේ පැල්ලම් සේදී යන්නට ජල පහරක් ඇල්ලීය. බෝට්ටුවල සිටි පිරිස විලාප දෙන්නට විය.

කපිතාන්ගේ පුත්‍රයා නායකයාගේ දෙපා මුල වැඳ වැටුනේය.

"අපි ළඟ සල්ලි, රත්රන් මුතු මැණික් තියෙනවා, ඒ ඔක්කොම අරගෙන අපිට යන්න දෙන්න කැප්ටන් " ඔහු වැලපෙන්නට විය.

නායකයා ජයග්‍රාහී මෙන්ම උපහාසාත්මක සිනහවක් පා කපිතාන්ගේ පුත්‍රයා කැඳවාගෙන රහස් කාමරයට ගියේය. කාමරයේ දොර වසාගත් අතර දෙදෙනෙකු පිටතින් රැකවල් ලා සිටියෝය.

"අපේ නැව මුහුදුබත් වුනේ මෙතනදී' කපිතාන්ගේ පුත්‍රයා තම සාක්කුවෙන් එලියට ගත් සිතියම මේසය මත දිග හරිමින්, කිවේය. ඔහු පෙන්වූ තැන කතිරයක් යොදා අක්ෂාංශ සහ දේශාංශ ලියා  තිබිණ.

"නැවේ තියෙනවා රත්රන් ටොන් බාගයක්, තවත් ටොන් එකකට කිට්ටුව මුතු මැණික්, රිදී "

"මේ ඔක්කොම ඇත්ත නම් අපි උඹලව අමරණිය පිරමිඩයට ඇරලවනවා, බාගයක් අපිට"

"මම කැමතියි "

සිතියම මත දෙදෙනා අත්සන් කලෝය. එකිනෙකා වැළඳ ගෙන කාමරයෙන් පිටතට පැමිණියෝය. නැවේ වැට අද්දරට ගොස් කපිතාන් නිදහස් කරන ලෙසට පුත්‍රයා බෝට්ටුවේ සිටි පිරිසට අණ  කළේය. නැවේ සිටි සෙබළුන් නායකයාගේ අණින් ගෝනිවල දමා නැව් තට්ටුවට රැගෙන ආ පාන් සහ  වතුර බෝතල් කිහිපයක් බෝට්ටු වලට  විසි කලෝය. කපිතාන්ගේ  තරුණ බිරිය කපිතාන්ගේ  මුඛය ආවරණය කර තිබු රෙදි කඩ ගලවා දමන විට ඔහුගේ තරුණ දියණිය දෙපා සහ අත් බැඳ තිබු කඹය කපා දැමුවාය.

නැවේ  නියමු කුටියට පිටු පසින් නැව් තට්ටුව මත නතර කර තිබු  සුදු පැහැති හෙළිකොප්ටරය වෙත නායකයා සහ කපිතාන්ගේ පුත්‍රයා ගමන් කරන විට එය පනගන්වා තිබිණ. මීටර් දාහතරක් පමණ විශ්කම්භයක වෘතාකාර පථයක බ්‍රමණය වූ එහි තටු ආසන්නයට ගමන් කරන විට හිස පහත් කර ගත්තෝය, සන්නද්ධ සෙබළුන් හතර දෙනෙක්ද කිමිදුම් කරුවන් දෙදෙනෙකුද නියමුවා සහ ඔවුන් දෙදෙනාට අමතරව හෙලිකොප්ටරයට ගොඩ විය. නායකයා තම කලවා මත තබාගත් සිතියම පරික්ෂා කර නියමුවාට එහි අක්ෂාංශ සහ දේශාංශ පිහිටීම ලබා දුන්නේය, ඔහු එය නියමු අසුන ඉදිරිපස පරිගණක යතුරු පුවරුවෙන් GPS පද්ධතියට ලබා දුන් විට අදාළ ස්ථානය රතු පැහැති තිතකින්ද වර්තමාන පිහිටීම කොළ පැහැති තිතකින්ද අඟල් හතක් පමණ වන තිරයේ දිස් විය.  නැව් බඳ චලනය කරමින් ඉහලට කමන් කළ හෙලිකොප්ටරය විනාඩි තිස් පහක කාලයකදී අදාල ස්ථානයට ලඟා විය. තැන තැන පාවෙමින් තිබෙන සියගණනක් මළසිරුරු වල ඇස් උගුල්ලමින් ඒවා තම පැටවුන්ට කවන උකුස්සන් වැනි පක්ෂීන් රාශියකි.මිනී මෝරුන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් මියගිය මිනිසුන්ගේ අත් පා කැබලි මෙන්ම බොකු බඩ වැල්ද පාවෙමින් තිබිණ. හෙලිකොප්ටරය මුහුදට වඩා ලං වන විට මිනී ගඳ උසුලාගත නොහැකි තරම් විය. මළ සිරුරු ඉදමි පුළුන් කොට්ට මෙන් විය, සම පිලිස්සී දුඹුරු පැහැගෙන තිබිණ. යානය මුහුදට අඩි 25කටත් අඩු උසකින් නිශ්චලව පැවතිණ, අධි තාක්ෂණික, ඉතා අඩු සංඛාත  VLF ලෝහ අනාවරකයන් දෙකක් මුහුදු පතුල වෙත යවන ලදී, ඒවා පාලනය කිරීම නායකයා විසින් හෙලිකොප්ටරයේ සිට සිදු කරන ලද අතර කිමිදුම් කරුවන් දෙදෙනා, වරින් වර ජලය තුලට ගමන් කරමින්ද ඉහලට පැමිනෙමින්ද යන්ත්‍ර වල රැහැන් එකිනෙක පැටලී යන විට ඒවා, නැවත සකස් කලෝය. මුහුදේ ගැඹුර මීටර් දෙසීයකට අඩු වූ එම ප්‍රදේශයේ ඔවුන්ගේ මෙහෙයුම වඩාත් පහසු විය. පැයක් ගත වන්නටත් මත්තෙන් ලෝහ අනාවරකයන් රත්රන් පෙට්ටි සමුහය ඇති ස්ථානය අනාවරණය කරගත්තේය. නායකයා සෑහීමට පත්වූ බව හැඟවිය, සුදු මැලි වූ කපිතාන්ගේ පුත්‍රයාගේ මුහුණට ලේ ගමන් කරන්නට පටන් ගත් බවක් දැනින. ආම්පන්න සියල්ල යානයට පටවා ගෙන කිමිදුම් කරුවන් දෙදෙනා එයට ගොඩ වූ පසු එය වේගය වැඩි කරමින් ඉහලට හමන් ඇරඹීය. විවෘත කර තිබු දොරටුවෙන් මුහුදේ පාවෙන මල මිනී හෙලිකොප්ටරයේ සුළං පහරට ඇතිවන රැලි වලින් ඉහල පහල යන දෙස බලා සිටියේය. පසු පසින් සිටි සෙබලා AK 47 ගිනි අවියක බඳෙන්  හිස පසු පසට එල්ල කළ  පහරත් සමගම නායකයා ඔහුව හෙලිකොප්ටරයෙන්  මුහුදට තල්ලු කළේය. අඩි සියගණනක් ඉහල සිට මරලතෝනි දෙමින් කපිතාන්ගේ පුත්‍රයා මුහුදට පතිත විය.

දිනකට පමණ පසුව ජාත්‍යන්තර ප්‍රවෘති විකාශන බොහෝමයක උද්යෝගයෙන් වාර්තා කරන ලද්දේ අමරණිය පිරමිඩයය  ආසන්න මුහුදේදී ලොව දරුණුම මුහුදු කොල්ල කරුවන් කණ්ඩායමකට පහර දී ඔවුන්ගේ කුඩා ප්‍රමාණයේ නෞකාවක්, බෝට්ටු හතරක් සහ හෙලිකොප්ටරයක් විනාශ කල බවයි. බෝට්ටු වලට මෙන්ම නැවට ගුවනේ සිට එල්ල කරන ලද බෝම්බ වලින් ඒවා කළු පැහැති දුම් රොටු වලින් වැසි යන ආකාරයත් පසුව නැව කෙමෙන් මුහුදට ගිලා බසින දර්ශනත් පෙන්වන ලදී.

- ජානක ගුණතිලක

Saturday, March 15, 2014

පොළවේ නොගෑවුණු දෙපය- කෙටි කතාව (8)

පොළවේ නොගෑවුණු  දෙපය





සියළු දෙනාම ඇසිපිය නොහෙලා ඒ දෙස බලා සිටියෝය, කහ පාට සහ කළු පාට ඇල ඉරි සහිත අඟල් හතරක් පමණ පළලින් යුත් පොලිතීන් පටි වලට පිටතින් ඔවුන් සියලු දෙනා කම්මුල් වලට අත් වලින් මුක්කු ගසා ගෙන ඒ දෙස බලා සිටියෝය. කිසිවෙකු කිසිවක් කතා නොකළේය. වැඩිහිටියන්ගේ කකුල් අතරින් රිංගා ඉදිරිය පැමිණීමට උත්සහා දැරූ කොලු ගැටයන්ගේ කන් මිරිකා, ටොකු ඇන තර්ජනාත්මක බැලුම් හෙලා ආපසු හරවා යවන ලදී. ටික වේලාවකින් කොලු ගැටයන් තරමක් ඈතින් තිබු ගස් වල අතු වලට පමණක් නොව අගිස්සට ද නැග ඒ දෙස බලා සිටියේය. දවස් දහයකට පෙර ඔවුන් වල දැමු මිනිය නැවතත් පොලිස් කම්කරුවෝ  ගොඩට ගත්තෝය. පොලිතීන් වළල්ලට ඇතුලතින් සිටි පොලිස් නිලධාරින්ද ගොඩට ගනිමින් තිබු මිනී පෙට්ටිය දෙස බලාගෙන සිටියෝය. වලෙන් ගොඩට ගත් මිනී පෙට්ටිය මෙතෙක් ගොඩට දැමූ පස්ගොඩ මත තබා හහෙස්ත්‍රාත් තුමියගේ විධානයෙන් ඔවුන් විවෘත කළේය. ඒ සමගම සුළඟ හමන දිශාවට ප්‍රති විරුද්ධ දිශාවේ සිටි සියලු දෙනා තමා අත තිබු ලේන්සු වලින්ද, එසේ නොමැති වුවන් කලවා නිරාවරණය කරමින් තම සරමෙන්ද, කිසිවක් කර කියා ගත නොහැකි වුවන් තම දෑත් වලින්ද නාසය ආවරණය කර ගත්තේය. එය විවෘත කරනවාත් සමගම මෙතෙක් නොසිටි නිල මැසි රංචුවක් එය වට කර ගත්හ. මිනිස් සිරුරක හැඩයේ රබර් බැලුනයක් මෙන් ඉදමි විකෘති වී තිබු එම ඕජස් ගලන මල සිරුර සේවකයන් තිදෙනෙකු ඔසවා අසල තිබු ට්‍රොලියේ ඇලුමිනියම් තහඩුව මත තබන ලදී. අධිකරන වෙෙද්‍යවරයා සහ තම සාරි පොටින් නහය වසා ගත් මහේස්ත්‍රාත් තුමිය පිළිකුල් සහගත හැඟීමෙන් තරමක් ලංවී එය දෙස බලා සිටියෝය.

"මේ රෙදි අයින් කරලා පොලිතින් වලින් ඔතල සීල් කරන්න" ඇය  කීවාය.

පොලිතීන් වලින් ද  එය වටා සෙලෝටේප් පටි වලින් ඔතන ලද එම සිරුර ගිලන් රථයට ඇතුළු කරන ලදී.

"මේ පෙට්ටිය වලට දාලා වල වහල දාන්න" කියා අසල සිටි පොලිස් නිලධාරීන් රොක් වී සිටි පිරිසට කිවේය.

"කොහෙද මේක ගෙනියන්නේ" කියා වල වැසීමට මුලින්ම ඉදිරිපත් වූ වයස අවුරුදු හතලිහක පමණ හැඩි දැඩි මිනිසා තමා අසලම සවලක් අතින් ගත් බුද්ධිමත් පෙනුමක් තිබු තැනැත්තාගෙන් ඇසිය.

"කරාපිටියට"

අධිකරණ වෙෙද්‍යවරයා අසලටම වී සියල්ල දෙස බලා  සිටි පාලිතගේ දෑස් වලින් වැටුණු කඳුළු ඔහු අතින් පිසදා ගත්තේය.

පාලිත නිවසට පැමිණියේ ගුවන් තොටුපල කුලී මෝටර් රථයකිනි. අතුරු මාර්ගයේ සිට තම නිවසට යන පාර දෙපස කිසිදු හිඩැසක් නොතබා අඩි සියයක පමණ දුර සුදු පැහැති අවමංගල සමිති වල බැනර් වලින් සරසා තිබිණ. මෝටර් රථය නිවස අසල නතර කරන විට මාර්ගයේ ගමන් ගත් සියලු දෙනාද, මිඳුලේ සිටි අයද නිසොල්මන්ව ඔහු දෙස බලා ගෙන සිටියෝය. රථයෙන් බසින විට ඔහු අත තිබු බෑගය අසල සිටි වයසක පුග්ගලයෙකු කිසිවක් නොකියාම ඉල්ලා ගත්තේය.

ඔහු නිවසට ගොඩවත්ම

"අනේ පාලිත බලන්ඩකෝ රෝසි කරගත්ත දේ" කියා ඔහුගේ බිරිඳ විලාප දෙමින් ඔහුව බදා ගත්තේය. ඇයද වත්තම කරගෙන ඔහු සාලය මැද නිසොල්මන්ව සිටි  සුරූපී සොළොස් වියැති තම දියනියේගේ මෘත ශරීරය දෙසට ලං විය. දරදඬු වී තිබු ඇයගේ නළල ඔහු සිප ගත්තේය, එවිට පුයර දමා තිබුණු මුහුණේ සලකුණු ඉතිරි කරමින් ඔහුගේ කඳුළු කැට කිහිපයක් සුදු පැහැති වෙල්වට් රෙද්දෙහි සැඟව ගියේය. ඔහු තම බිරිඳව  වත්තම් කරගෙන ගෙතුලට ගියේය, කාමරයේ දොර වසා දමා,

"මොනාද සිද්ධ වුණේ" කියා ඇසීය

"රෝසි ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් එක්ක යාලු වෙලා ඉඳල තියෙන්නේ, දෙන්න එකට ගත්ත ෆොටෝ ෆොනේ එකේ තිබ්බා, ඒකේ මහ නරක ඒවත් තිබ්බා, ෆොනේ එක විජේලතා ටීචර්ට අහුවෙලා ප්‍රින්සිපල්ට දීලා , පෙරේදාට ඉස්සෙල්ලා දා  උදේ මට ඉස්කෝලෙට එන්න කියල පණිවිඩයක් එවල තිබ්බා, මම ගියාම තමයි ෆෝන් එක මට දුන්නේ. රෝසිට හොඳටම අවවාද කරා, එයා පොරොන්දු උනා සම්බන්ධය නතර කරනවා කියල"

"ඔයත් බැන්නද ළමයට"

"නෑ මම හිත රිදෙන්න මොකුත් කිව්වේ නෑ, හැබැයි දුවගේ හිත ගොඩක් පෑරිල තිබුණේ, පෙරදා රෑ දොළහට විතර ආවා මගේ කාමරේට, ඇවිල්ල කිව්වා"

"අම්මේ මට නින්ද යන්නේ නෑ  කියල"

මම කිව්වා එහෙනං මගේ කාමරේ නිදිය ගන්න කියල, මම තේ එකක් හදල දුන්නම එකත් බීලා එයාගේ කාමරේටම ගියා.

මම උදේ නැගිටලා කුස්සියට යනකොට තමයි දැක්කේ, කෑම කාමරේ උඩ තියෙන බාල්කෙ කඹේ කින් එල්ලිලා ඉන්නවා"

"ඉතිං ඔයාට රෑ මොකක් වත් සද්ධයක් වත් ඇහුනේ නැද්ද?"

"නෑ අනේ මම ඔෆිස් එකේ වැඩ වගයකුත් ගෙදර ගෙනල්ලා කර කර හිටියේ, මට ඊට පස්සේ හොඳට නින්ද ගියා "

"මරණ පරීක්ෂණයේදී මොකක්ද කිව්වේ?"

"විශේෂ දෙයක් නෑ, හැබැයි රෝසි ගැණියෙක් වෙලා ඉඳල තියෙන්නේ "

"එයා ප්‍රෙග්නන්ට්ද ? "

" නෑ "

ඒ වන විට අඳුර වැටි තිබුනද නිවසද මින්දුලේ තාවකාලිකව අටවා ප්ලාස්ටික් පුටු දමා තිබු ස්ථානද මිනිසුන්ගෙන් පිරි පැවතිණ. රාත්‍රී එකොළහ පමණ වන විට තරමක් සෙනග අඩුවිය, පාලිත මිඳූලේ කාඩ් සෙල්ලම් කරමින් සිටි තම අසල්වාසීන් අසලින් හිඳ ගත්තේය.

"පාලිත මහත්තයා පිටත් උනේ කීයටද?" කාඩ් සෙල්ලම දෙස බලාගෙන සිටි අයෙක් ඇසීය.

"මම ඉතාලියෙන් එනකොට පාන්දර දෙකයි "

"යන්නේ කවදද?"

"හත් දවසේ දානේ ඉවර වෙලා තමයි යන්නේ?, දැන්නං රට හිටියා ඇති වගේ, ගිහිල්ලා පුළුවන් තරං ඉක්මනට ආයේ  එනවා "

"අපි හෙට ඉස්කෝලේ ළඟ පිකට් එකක් කරනවා, ප්‍රින්සිපල් මාරු කරන්න කියලා" එතනට එකතු වූ පාලිතගේ බාල සොහොයුරා කිවේය.

"ඒක කරන්න එපා, ප්‍රින්සිපල් වැරදිත් නෑ, දුව එල්ලුනාට එයා මොනා කරන්නද?"

සියලු දෙනාගේ සෝ සුසුම් මැද රෝසිගේ දේහය  වලලා දමන ලදී. සත් දවසේ දානය අවසන් වී හවස් වරුවේ පාලිත තම බෑගයට රැගෙන ආ කමිස කලිසම් කිහිපය අසුරන අතරතුර,

" පාලිත ඔයා දැන් රට හිටියා ඇති මෙහෙට එන්න, මට තනියම ඉන්න බෑ දැන්, පොඩි දුවත් ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ කරනවනේ"

"ඔව් මම එන්න තමයි හිතා ගත්තේ, ඒත් අස්වෙලා එන්න මාස හතරක් වත් යනවා"

පසු දින ඔහු ගුවන් තොටුපල කුලී රථයක් ගෙන්වා ගෙන පිටත් වීමට සුදානම් විය. බිරිඳ කිසි දවසක නොවූ ලෙස හඬා වැලපෙන්නට විය. කුඩා දියණිය සිපගත් ඔහු

"තාත්තා ඉක්ක්මනට එනවා දුවේ "කියා කිවේය.

ඔහු මෝටර් රථයට නැගී පිටත්ව ගියේය.

"සර් එයාර් පොර්ට් එකට ආවා" කියා රථයේ රියදුරා ඔහුට කතා කරන විට පාලිත සිටියේ තද නින්දේය.

"අපි ආපහු යං"

"සර් මේ එයාර් පොර්ට් එක"

"මම දන්නවා, තමුසෙට මම සල්ලි ගෙවනවා බය වෙන්න එපා අපි යමු ආපහු"

රථය නැවතත් පැමිණි මග දිගේ ගමන් කළේය. ඔතනින් දකුනට දාලා ඔය තියෙන ඔෆිස් එක ලඟින් නතර කරන්න. මෝටර් රථය රියදුරා  නතර කිරීමට පෙර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මග හරස් කොට නතර කළේය. ඔහු කුලිය ගෙවා මෝටර් රථය පිටත් කළේය.

"මට ඒ එස් පී මහත්තයා හම්බ වෙන්න ඕනි" පාලිත අසල සිටි පොලිස් නිලධාරියාට කිවේය.

"ඇපොයින්මන්ට් එකක් තියෙනවද?"

"නෑ මම මහත්තයාගේ යාලුවෙක්, පාලිත සමරවික්‍රම  ඇවිල්ලා ඉන්නවා කියන්න, පුද්ගලික වැඩකට "

කාර්යාලයේ කොරිඩෝව දිගේ ගමන් කල ඔහු මොහොතකින් නැවත පැමිණියේය.

"ඒ එස් පී මහත්තයා සර්ට එන්න කිව්වා"

පොලිස් නිලධාරියා පසු පසින් ගමන් කළ ඔහු දෙපස අර්ධයක්  විදුරු වලින් ආවරණය කර තිබු කාර්යාල එකිනෙකින් පසු කළේය. තම සෙවනැල්ල ඒවා තුල අපැහැදිලි ලෙස  දිස් වී, කාර්යාල තුල සිටින පොලිස් කාන්තාවන් සහ නිලධාරීන් සමග මුසු වී නැවත නොපෙනී ගියේය. එය තවත් විදුරුවක නැවත දිස් විය, ඒ අතරට ඉදිරියෙන් ගමන් කරන නිලධාරියාගේ ප්‍රතිබිම්භයද වරෙක එකතු විය. කාමරයට මුලින් ඇතුළු වූ පොලිස් නිලධාරියා ආචාර කර  පිටවී ගියේය.පාලිත ඔහු ඉදිරියේ අසුන්ගත්තේය.

"කවදද මචං ආයේ යන්නේ " පාලිත මේසය දෙස බලාගෙන සිටියේය, නැවතත්,

"මටත් හිතා ගන්න බෑ  මචං වෙච්ච දේ, ඒත් මොනා කරන්නද අපිට හිත හදා ගන්න වෙනවනේ" ඔහු තම පුටුවෙන් නික්ම විත් පාලිතගේ පිටට තට්ටු කළේය.

"මට දුවගේ මරණේ ගැන සැකයක් තියෙනවා" එක එල්ලේම ඔහුගේ මුහුණ දෙස බලාගෙන පාලිත කිවේය.

"ඇයි පාලිත එහෙම කියන්නේ? '

"මගේ හිත කියනවා දුව මැරුණේ එල්ලිලා නෙවෙයි කියල"

"මොකක් හරි සැක හිතෙන දෙයක් තියෙනවා නම් කියපන්, අපි බලමු"

"එයා මැරුණේ සිකුරාදානේ, බ්‍රහස්පතින්දා රෑ එයා මාත් එක්ක චැට් කර කර හිටිය ගොඩක් වෙලා, එයා මාත් එක්ක හැම දෙයක්ම කියනවා, කොහොමටත් කෙල්ලෝ තාත්තලත් එක්ක හරි එකතුයිනේ, ඔය ප්‍රින්සිපල් අවවාද කරපු සිද්ධිය මට කිව්වා, ඒත් මම ඒකට කලබල උනේ නෑ, දුව ගොඩක් හිතේ අමාරුවෙන් තමයි හිටියේ, ඒත් ඒ වෙනකන් සිද්ධ වෙලා තිබුණු දේවල් නිසා මැරෙන්න තරම් හේතුවක් තිබුණේ නෑ කියලමයි මට හිතෙන්නේ, එයා අන්තිමට කිව්වේ, තාත්තා දැන් අපි ළඟ ඉන්න එනවා නම් හොඳයි කියන එක, එතකොට රෑ එකොළහට විතර ඇති "

"මචං මේක හරි බරපතල ප්‍රශ්නයක්, කිසිම සාක්ෂියක් නැතුව අපි මෙතැනදී කෙනෙක්ව සැක කරන එක, මොකද, රෑ එකොළහත් වයිෆ්ගේ කට උත්තරයට අනුව මිනිය හම්බ වෙන වෙලාව උදේ පහත්  නිසා, ඒ අතර කාලය තුල ගෙදර හිටියේ වයිෆ් ට අමතරව, පොඩි ළමයනේ, පොඩි ළමය පැත්තකට කරපුවම කෙලින්ම අපිට ඉතිරි වෙන්නේ, වයිෆ්.........."

දෙදෙනාම නිහඩව ටික වේලාවක්‌ කල්පනා කරන්නට විය.

"වරදක් නොකර පාලිත ඔයා වයිෆ්ව  සැක කරොත් පවුල් ජීවිතෙත් එතනින් කෙලවර වෙනවා මචං, එතකොට පොඩි දුව ? "

"නෑ හල්පේ මටත් තිබුන ප්‍රශ්නේ ඕකම තමයි, මම අද උදේ යන්න ලෑස්ති වෙලා මේස් එකක් නැතුව හොයනකොට, නෝනගේ ෆෝන් එක තිබ්බා ඇඳ අයිනෙන් බිමට වැටිලා පරණ සපත්තුවක් ඇතුලේ, එයා ෆෝන් එක නැති වෙලා කියල කිව්වා දවස් දෙක තුනකට ඉස්සෙල්ල, මම එක චාර්ජ් එකට ගහල ඔන් කරාම මැසේජ් කිහිපයක් ආවා, එකක තිබුණා,

 ' කෝල් එන්ට්‍රි ටික මකල මේ මැසේජ් එකත් මකන්න ' කියල, එතකොට මට පොඩි සැකයක් ආවා, ඒත් මොකුත් වැඩි පුර බලන්න උනේ නෑ, ටැක්සි එක ආවා, මම ඒ ෆෝන් එක සාක්කුවේ දාගෙන ටැක්සියට නැග්ගා"

"මේ තියෙන්නේ ඒක" ඔහු සාක්කුවෙන් එලියට ගත්තේ සුදු පැහැති ඇනරොයිඩ් දුරකතනයකි.

"මම ටැක්සියේ යනගමන් අන්තිමට ගත්ත කෝල් මොනාද කියල බැලුවා"

"ඉතිං  ? "

" බ්‍රහස්පතින්දා රෑ දොළහෙන් පස්සේ හැම පැයකට විනාඩි හතලිස් පහකටම සැරයක් මේකට කෝල් ඇවිල්ලා තියෙනවා, මේකෙන් කෝල් කරලත් තියෙනවා, එකම නම්බර් එකකට"

පොලිස් නිලධාරියා ඔහුගෙන් දුරකථනය උදුරා ගත්තේය,

"අන්තිම කෝල් එක මේකෙන් දීල තියෙන්නේ, සිකුරාදා උදේ හතරයි, හතලිස් අටට" ඔහු එය පරික්ෂා  කරමින් කිවේය.

"මචං එතකොට මුළු රෑම ගෑණි ඇහැරලානේ ඉඳල තියෙන්නේ"

"පාලිත මේක පැමිණිල්ලක් විදිහට ලියමු"

ඔහු මේසය මත තිබු සීනුව නාද  කළේය.

"අම්මේ මට නින්ද යන්නේ ණෑ" කියාගෙන ඇය ඇතුලතින් අගුලු නොදමා  තිබු කාමරයට ඇතුළු වී උළුවස්ස සම්බන්ධ  බිත්තියේම තිබු විදුලි පහනේ  ස්විචය ඔබා ඇඳ දෙසට හැරෙනවාත් සමගම ඇයගේ මුහුණට මුහුණ ගෑවෙන ආසන්නයට අඩ නිරුවතින් පැමිණි මවගේ මුහුණ යක්ෂණියක් සේ දිස්විය. ඇයගේ එක් අතක්  තරුණියගේ ගෙල දෙසට යොමු වූ අතර අනෙකෙන් කෙස් වැටිය ග්‍රහණය කර මුහුණ ඇඳ දෙසින් ස්විචය තිබු බිත්තිය පැත්තට හරවන ලදී. ඇඳෙහි සිටි ඔහු එසැනින් මුහුණ කොට්ටයකින් ආවරණය කර ගත්තේය. කපා හෙලු ගසක් මෙන් රෝසි සිහිසුන්ව බිම ඇද වැටුනාය.

ගෙලට සිරකල  තොන්ඩුව තිබු කඹයේ අනෙක් කෙළවර කෑම කාමරයේ බාල්කයට උඩින් විසිකර, ඔවුන් දෙදෙනාම එකවර එම කෙළවර පහලට ඇද්දෝය. රාත්‍රී නිදි ඇඳුමින් සැරසී සිටි ඇයගේ දෙපා පොළවෙන් ඉහලට එසවෙත්ම සියුම් කෙඳිරිලි හඬක් පමණක් නික්මිණ.

ඔහු නිවසට පැමිණෙන විට අසල්වැසි නිවසේ සිට දුවගෙන ආ  සිඟිති දියණිය,

"තාත්තා ඔයා රට ගිහිල්ලා මෙච්චර ඉක්මනට ආවද" කියා ඇසීය.

ඇය වඩාගත් ඔහු කඳුළු පිරි දෙනෙතින් ඇයව තුරුළු කර ගත්තේය.

"ඇයි තාත්තේ අම්මවයි, පොඩි බාප්පවයි පොලිසියෙන් එක්කරගෙන ගියේ "


- ජානක ගුණතිලක



Sunday, March 9, 2014

සොෆ්ට් වෙයා ඔෆ් නිර්වාණ - කෙටි කතාව (7)


සොෆ්ට් වෙයා ඔෆ් නිර්වාණ 




"ස්වාමීනී අපි පතස්සු හල්ලුක නම් වෙළඳ දෙබෑයන් වෙමු, බෝ ගසක් යටට වී දුක් විඳිනා ඔබ වහන්සේ ගැන මහත් අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු, ඔබ වහන්සේට විසඳා ගත නොහැකි බොහෝ ගැටළු ඇතුවාට සැකයක් නෑ, අපගේ වෙළඳාම පාඩු ලබනවා යයි පවසමින් අපිත් ලාභ ලබන්නෙමු. අපිටත් ගැටළු නැතුවාම නොවෙයි, අපගේ පරමාදර්ශි උත්සාහය දුක් විඳින මිනිසුන් මේ සසරින් එතර කිරීමයි ස්වාමිනි "'

"දුක් විඳින මිනිසුන් සසරින් එතර කිරීම ? යකෝ මමත් හොයන්නේ ඒකට ක්‍රමයක්  තමයි,මටත් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න බැරුවයි ඉන්නේ, තොපි දන්නවද මම මෙහෙම කහ පාට රෙද්දක් පෙරෝගෙන හිටියට සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, මම දන්නැති එකක් කොහොමද තොපි ළඟ තියෙන්නේ?"

"නෑ  ස්වාමිනී අපි ළඟ තියෙනවා මේකට කෙටි ක්‍රමයක් ඔබ වහන්සේටත් 100% ප්‍රතිඵල ගෙනදෙනවාට සිකුරුයි"

"කියපියව් බලන්ඩ තොපගේ කෙටි ක්‍රමය, මම නොදන්නා කෙටි ක්‍රම තියෙන්න බෑ මේ විශ්වයේ"

හල්ලුක හිසේ බැඳ තිබු කිසිදු අවුලක් නොවූ ජටාව උජාරුවෙන් නැවත සකස් කොට ඩිෆෙන්ඩර් තුනකට පසු පසින් නවතා තිබු මොන්ටේරෝ රථයේ පසුපස දොර විවෘත කර තණ කොළ මිටියක් මැදට අත යවා සීල් කල පොලිතින් උරයක  අසුරා තිබු දාස් පෙති  කොළ වලට සමාන කොළ වලින් යුත් පාර්සලයක් රැගෙන ආවේය. මොන්ටේරෝ රථයට පිටු පසින් කාකි ඇඳුම් ඇඳගත් උත්තුංග දේහධාරී සෙබළුන් පිරිවරාගත් තවත් ඩිෆෙන්ඩර් රථ තුනක් ද විය.

"ස්වාමිනි  මේකෙන් ග්‍රෑම් 162 ක් ගිණි කබලක සෙල්සියස් අංශක 107.5 උෂ්ණත්වයට තත්පර 302.175 ක් රත් කර නිමෙන්නට හැර නවසීලන්තයෙන් ගෙන්වා ගත්  කිරිපිටි හැඳි දෙකකට මිශ්‍ර කර සිනි හැඳි තුනක් දමා පානය කරන්න, ඔබ වහන්සේගේ විද්‍යාගාර සහයකයින් පස් දෙනා මනා පළපුරුද්දක්  ඇති අය බැවින් ඔවුන්ට කියා මෙය සකස් කරගන්න"

පතස්සු ඒ  කතාව නතර කරනවාත් සමගම හල්ලුක වට පිට බලා උන් වහන්සේගේ කනට තම ශ්‍රී මුඛය ලං කළේය. කන සහ කට අතර පරතරය හරියටම මිලිමීටර් 1.8 ක් විය.

"මේකට කියන්නේ ගල් කෝපි කියල, මේක බීලා නිර්වාණයට ගිය වුන් දස දහස් ගණනක්, අපේ මහා රජා ඒකයි මේකට රාජ්‍ය අනුග්‍රහය දීලත් නොදුන්නා වගේ ඉන්නේ, ඒත් උන් වහන්සේ මේක පරසිද්දියේ කියන්නේ නැත්තේ හැම එකාම නිවන් ගියාම උන් වහස්සේට පාලනය කරන්න රාජ්‍යක් ඉතිරි වෙන්නේ නැති නිසා, ඔය ලැබ් ඇසිස්ටන්ට්ලට මේක බොන්න දෙන්න එපා එහෙම උනොත් ඔබ වහන්සේට කලින් එවුන් නිර්වානෙට යයි, එහෙම උනොත් වෙන්නේ ඔබ වහන්සේට මේ ගඟේ පනින්න්න තමයි "

කියා සයිරන් නලා සබ්ධ කරමින් පාරේ යන ගොන් කරත්ත කානු වලට තල්ලු කරමින් ද පාර දෙපස සිටි කුඩා ළමුන් කාන්තාවන් බිය වද්දමින් ද මහා රජාගේ නෑදෑ සේනාව ගුවන් පාලම දිගේ ඉදිරිය ඇදුණි.

අවසානයේ විද්‍යාගාර සහයකයින් පස්දෙනා ඩිජිටල් උෂ්ණත්ව මාපකයෙන් උෂ්ණත්වය පරික්ෂා කරමින්  තුන් කූරු ආධාරකය මත, බන්සන් දාහකයට ඉහලින්  තබා තිබුණු යකඩ තැටියේ වූ කොළ පැහැති පත්‍ර දුඹුරු පැහැයට හැරෙන තෙක් කර කලෝය. ඉන් එකෙකු උෂ්ණත්වය සෙල්සියස් අංශක 107.5 අගයේ පවතින බවට තහවුරු කළේය. විරාම ඝටිකාව ක්‍රියාත්මක කිරීමට තවත් අයෙකු යොදවා තිබිණ. ඔහු තත්පර 302.175 අවසන් වන විට තැටිය ඉවත් කරගන්නා ලෙසට විධානය දීමට සැදී පැහැදී සිටියේය. නමුත් ඔහු වයෝවෘද වුයෙන් ප්‍රතික්‍රියා කාලය පිළිබඳව උපකල්පනය කිරීමට තිබු පරිකල්පන ශක්තිය හින වී ගොස් තිබිණ. ඔහු විධානය දෙන විට විරාම ඝටිකාවේ 302.198 සඳහන්ව තිබිණ. නමුත් එය ඔහු කිසිවෙකුටත් දැන ගත නොහැකි වන සේ  නතර  කර දමන ලදී.

හිරු නැගීමට පෙර ගල් කෝපි මිලි ලීටර් 175 ක් පමණ  පොලි ස්ටයරින් කෝප්පයක දමා එය පාත්තරයක තබා සුදු රෙදි කඩකින් ආවරණය කර පරිණත භාවයේ පිළිවෙලට එකා පිටු පස එකා පෙළ ගැසී පෙරහැරකින් ගොස් උන් වහන්සේට පිලි ගන්වන ලදී.

එය පානය කිරීමෙන් අනතුරුව  විනාඩි  කිහිපයක්  ගත වීමත් සමගම සුජාතා නම් සිටු දියණිය හිමිදිරියේ පිසින ලද කිරි පිඩු දානයක් රැගෙන උන් වහන්සේ වෙත පැමිණියාය. එය පිලි ගැන්වූ ඇය උන් වහන්සේ ඉදිරි පිට සුදු වැලි මළුවේ බිම හිඳ ගත්තාය. සුන්දර දිගැටි මුහුණකට හිමි කම් කියූ ඇයගේ පියයුරු යුගල දුහුල් රෙදි කඩකින් වසාගෙන සිටියාය. නමුත් තන පුඩුව එම රෙදි කඩින් එලියට නෙරාවිත් තිබිණ. අංශක 90 වක කෝණයට නවා එක් කකුලක් සම්පුර්ණයෙන්ම වැලි මලුවේ මෘදු වැල්ලේ ස්පර්ශ වන සේ  තබා,  එය මත තබා තිබු සිටි ඇයගේ අනෙක් කකුලේ දණහිස මදක් එසවී තිබිණ. දණහිස දක්වා ඇඳ සිටි වස්ත්‍රය දෙකකුල් අතරින් මෑත් වී ඇයගේ යට ඇඳුම උන් වහන්සේට දර්ශනය විය. පින් දීම අතර තුර ප්‍රාණවත් වූ ලිඟුව කහ පැහැති සිවුර කුඩාරමක් සේ නැගී සිටීම වලක්වා ලීමට උන් වහන්සේ තල් කොළය  දරාසිටි අත එය මත තබා ජලයේ ඉපිලෙන රබර්බෝලයක් ජලය තුලම තැබීමට ගන්නා උත්සාහයට නොදෙවෙනි උත්සාහයක් දැරුවේය.

ටික වෙලාවකින්,

"මෙන්න බලා පල්ලා පාත්තරය යනවා උඩු ගං බලා' කියා උන් වහන්සේ කෑ මොර දෙන්නට විය. විද්‍යාගාර සහයකයින් පස් දෙනා ගඟ දිගේ පහලට යන පාත්තරය දෙස නොව උන් වහන්සේ දෙස වික්ෂිප්තව බලා ගෙන සිටි යෝය. වැලි මළුවේ සිටගත් සුජාතා තම යටි කය ආවරණය කරගෙන තිබු දුහුල් රෙදි කඩ කලවා අතරට තද කර ගත්තාය.

කෑ මොර දීම නොනවතින කල පස් දෙනා ආයාසයෙන් ඔහුව ප්‍රථමාධාර කාමරයට ගෙනගොස් දෙපතුලේ භුමි තෙල්ද, හිසේ දෙහිද අලේප කලෝය. එයින් සුවයක් නොලද කල්හි තැඹිලි වතුරට ග්ලුකෝස් දමා පිළිගන්වන ලදී. අවසානයේ ඔහු පියවි සිහියට පැමිණියේයැයි ඔවුන් සියලු දෙන තිතුහ.

"මට මේ මැදුම් පිළිවෙත ඇති වෙලා තියෙන්නේ, මගේ ලැප් ටොප් එක ගනපියව්, ඩොන්ගල් එකත්  එක්ක" කියා කියනවාත් සමගම එකෙකු එය පරික්ෂා කර තමා නැරඹු සියලු අසැබි  වෙබ් අඩවි වල ඉතිහාසය මකා දමා එය උන් වහන්සේට පිලි ගැන්විය. අනෙක් සිව් දෙනා ඒ වන විටත් තම ගමන් මලු වලට අඩුම කුඩුම අසුරමින් සිටියෝය. පස් වැන්නාද පසුව ඔවුන්ට එකතු විය.

මධ්‍යම ප්‍රතිපදාවෙන් නිර්වාණය සෙවීම අත්  හළ උන් වහන්සේ ඒ සඳහා මෘදුකාංගයක් නිපදවීමට තවත් වසර පහක්  වැය කළේය.කුසට අහරක් නොමැතිව ගෙවූ දින ගණන කොපමණදැයි ඔහුට මතක නැත, නිදි වැරූ දිනගනනද එසේමය.එය නිපදවා ගත් කල්හි  නිර්වාණය සොයා වෙහෙසෙන්නන් හට මෘදුකාංගය මිලදී ගෙන පහසුවෙන් නිවන් මග සොයාගත හැකි බවට ඔහු දැඩිව විස්වාස කළේය. මේ වන විට ඔහුට උපස්ථාන කිරීමට කිසි වෙකු සිටියේ නැත. වන ගතව වාසය කල ඔහුට හිමාල වනයේ සිටි වෘක්ෂ දේවතාවුන්ද ඉඳ හිට සුර ලොව සිට පැමිණෙන සක්‍රයාගේ නියෝජිත දෙවි වරුන්ද මේ මහා කටයුත්තේ බැරෑරුම් බව අවබෝධ කරගෙන සිටි බැවින් ආහාර පාන ආදියෙන් පමණක් නොව නුතන පරිගණක සහ උපාංග වලින්ද ඔහුට සංග්‍රහ කලෝය. ඔහු ව්‍යාපෘතිය පියවර දෙකකින් අවසන් කිරීමට සැලසුම් කළේය.

01. භෟතික ශරීරයෙන් මනෝ-කය ( සිත )  පිටතට ගැනීම
02. පිටතට ගත් සිතෙන් සියලු ආශාවන් වියුක්ත කර සිත නැවත භෟතික ශරීරයට ඇතුළු කිරීම

මහත් පරිශ්‍රමයක් දරා පළමු පියවර සාර්ථක  ලෙස අවසන් කළේය. භෟතික ශරීරයෙන් පිටතට ගත්  මානසික ශරීරය නිදහසේ ගමන් කල හැකි තරමටම  තම මෘදුකාංගය වර්ධනය කරගත්තේය. මෙය ඍදියෙන්  ගමන් කිරීමේ අවධිය ලෙසද හඳුන්වා දෙන ලදී. පරිගණකයට සම්බන්ධ කල රැහැනේ කෙලවර ඉතා කුඩා අගල් දෙකක පමණ දිගැති ඉතා සියුම් ටයිටේනියම් ලෝහයෙන් නිපද වූ තුඩකි. මෙය ඉලෙක්ට්‍රෝඩයකි. මෙය කශේරුකා දෙකක් අතර හිඩැසින් සුෂුම්නාවට ඇතුළු කර ගත්තේ ඔහු විසින්මය. එවිට පරිගණක තිරයේ දිස්වෙන විවිධ පියවර සඳහා ඔහු විසින්ම අවසර ලබා දුණි. වසර ගණනක් ගස් ගල් යට දුක් විඳිමින් සිත එකඟ කර ගැනීමට දැරූ උත්සහයට දැන් ගත වන්නේ තත්පර කිහිපයකි. අත්හදා බැලීමේ අවස්ථාවේ සිටින බැවින් සිත භෟතික ශරීරයෙන් වෙන් කර තබන කාලය උපරිම පැය දෙකකට සීමා කර තිබිණ. පැය දෙකක කාලය තුල සිත භෟතික ශරීරයට  නැවත නොපැමිණීමෙන් සිදු වන ව්‍යාකුල තාවය මගහරවා ගැනීමේ ආරක්‍ෂිත උපක්‍රමයක් ලෙස කාලසීමාව අවසන් වූ වහාම භෟතික ශරීරය පරිගණකයේ ග්‍රහණයෙන් ස්වයංක්‍රියව මුඳා හරිනු ලැබේ. එවිට ශරීර දෙක අතර දුර කොපමණ උවද මානසික ශරීරය ඇති ස්ථානයට භෟතික ශරීරය ආකර්ෂණය වේ.

ඔහු හිමාල වනයේ රූස්ස ගස් වලට ඉහලින් ඇති මිදුම් පටල අතරින්ද, ගංගා ඇල දොලට ආසන්නයෙන්ද  පාවී ගියේය. සිටු දියණියන් පිරිසක් දිය කෙලින ආකාරය නතර වී බලාගෙන සිටියේය. නිල් වන ජලය පිරුණු පොකුණ වටා තණ පිට්ටනියකි, මුළු භුමි භාගයම වට කර විශාල ප්‍රකාරයකි, එක් තැනකින් විශාල ගේට්ටුවකි.භෟතික ශරීරය නොතිබුණද කාන්තාවන්ගේ ශරීරයට මෙතරම් පිරිමි ආශා කරන්නේ මන්දැයි ඔහුට තිබූ විශාලම ගැටළුවයි. දිය කෙළින තරුණියන්ගේ ශරීරවල ස්පර්ශ වෙමින්ද ඔවුන්ගේ විවිධ ඉරියව් නිරීක්ෂණය කරමින්ද ගෙවා දැමු කාලය කොතෙක් දැයි ඔහුගේ මතකයෙන් ගිලිහි ගොසිනි.

මොහොතකින් පොකුණේ ජල කඳ දෙබෑ කරමින් නග්න ඔහු තරුණියන් දිය කෙළිමින් සිටි පොකුණ මැදට  පතිත විය. මර ලතෝනි තියමින් තරුණියෝ පොකුණේ ඉවුරට ගොඩවී සී සී කඩ දිව ගියෝය. පොකුණ ආවරණය කල ප්‍රාකාරයෙන් පිටත සිටි හැඩි දැඩි රාජ පුරුෂයා වහා දිව විත්

"මේ වර පාහරයා ගොඩට" කිවේය.

 රහසඟ අත් දෙකෙන් වසා ගෙන ඔහු පොකුණෙන් ඉවුරට ගොඩ විය. ඔහුගේ මුළු සර්වාංගයම බියෙන් වෙව්ලන්නට විය.

"තියපිය ඕක මේ ලී  කොටේ උඩින්" අඩි තුනක් පමණ උස කොටය දිලිසෙන කඩුවේ තුඩින් පෙන්විය.

"අනේ මේක කපන්න එපා, එකයිනේ තියෙන්නේ"

"එකක් තිබිල මෙහෙමනං දෙක තුනක් තිබ්බනං කොහොම වෙයිද?, තියපිය ඕක බෙල්ල කපා දාන්න කලින්"

"මගේ ළඟ තියෙනවා සොෆ්ට් වෙයාර් එකක් කාටවත් නොපෙනී යන්න පුළුවන්, මම ඒක දෙන්නං, මට යන්න දෙන්න" රාජ පුරුෂයාගේ කනට ලං වී කිවේය.

"ආවේ එහෙමයි එහෙනං "

"ඔව් වෙලාවේ පොඩි වැරදීමක් උනා , ඒකයි වැටුණේ" ඔහු ආයාසයෙන් සිනහ වීමට උත්සහ දැරිය.

"මෙන්න මගේ ඊ මේල් අයි ඩී එක, මේකට එවනවා, මේ රෙද්ද පටලවාගෙන දුවල යනවා කවුරුත් දකින්න ඉස්සෙල්ල " රාජ පුරුෂයා ඔහුගේ  කනට ලං වී කිවේය

ඇඳේ දුහුල් සළු පිලි එලා, කාමරය  සුවඳ මලින් සරසා තැන තැන ඉටි පන්දම් දල්වා තිබිණ. ඇඳ මත ඔවුන් තිදෙනාම සිටියේ නිර්වස්ත්‍රවය, උඩුබැලි අතට සිටි කාන්තාවගේ උරහිස් දෙකට යටින් තිබු  ස්වාමි පුරුෂයාගේ අත් දෙක ඇයගේ හිසේ කෙස් අතරට රූටා තිබූ ඇඟිලි වලින් අවසන් විය. ඔවුන්ගේ මුහුණු එකිනෙක ස්පර්ශව පැවතින, ඇයගේ යෝනි මාර්ගය උදර කුහරයේ මැදක් වන තුරුම පැලී සයනය ලේ විලක් වී තිබිණ , එකට තෙරපී පුපුරා ගිය වකු ගඩු  අධෝක්ෂ ධමනි, ශිරා ආදිය මෙන්ම මහාන්ත්‍රය පුපුරා එලියට පැමිණි අසුචිද විය. ඇයගේ ගර්භාශයේ තවත් පුරුෂයෙකුගේ හිසකි, එහි ගෙල ඇයගේ ශ්‍රෝණි මේඛලාවට  හිරවී මිරිකී ගොස් තිබිණ, කාන්තාව මත සිටි මිනිසාගේ පුරුෂ ලිංගය කැඩී වෙන් වී යාමට ආසන්නව,බිදී ගිය  ශ්‍රෝණි මෙඛලාවටත් උදරයේ සිරවී සිටි මිනිසාගේ  හිසටත් සිරවී  තිබිණ. උදරයේ සිරවී සිටි මිනිසාගේ කශේරුකා අතර ඉතා සියුම් රතු සහ දුඹුරු පැහැති තිත් රාශියක් දක්නට ලැබිණ.



-ජානක ගුණතිලක