බෞද්ධ සාහිත්‍යයේ කියවෙන පරිදි මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම කන කැස්බෑවෙකු විය සිදුරකින් අහස බැලු විට එතුලින් පුර සඳ දැකීම තරම් දුලබ යැයි සඳහන් වේ. මෙහි ඇති සත්‍ය අසත්‍යතාව විද්‍යාත්මක ක්‍රමය යොදා විද්‍යාත්ම හෝ අවිද්‍යාත්ම යන්න ප්‍රකාශ කිරීමට උත්සහ නොකරන අතරම දන්නා සියලු ගණිත කර්ම යොදා එහි සම්භාවිතාවය කොපමණද යන්න භාගයක් ලෙස හෝ ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කිරීමටද උත්සහ නොකරමි. නමුත් දුලබතාවය ප්‍රකාශ කිරීමට සිංහල සාහිත්‍යයේ යොදාගත් මෙම උපමාව කෙතරම් අපූරුදැයි යන්න සලකා බැලීමට උත්සහ කරමි.
විය ගසක් භාවිත වන්නේ සී සෑමටය. සී සෑමේදී මිහරකුන් දෙදෙනෙකු මී ගොන් බානක් ලෙස එකට ගැට ගසා යොදා ගනී. මිනිසුන්ගේ ජීවිකාව තහවුරු කරගැනීමට තණ කොළ බුදින මෙම අහිංසක තිරිසනුන් කොතරම් දුක් විඳින්නේද ? සිත් පිත් නැතිව කෙවිටක් ගෙනගෙන මී ගොනුන්ට පහර දෙන්නෝ ද තිරිසනුන් නොවන්නේදැයි සිතේ. නමුත් මිනිසුන්, මිනිසුන් (Homo sapiansapians) වන්නට පෙර පුර්ව මිනිස් අවදියේදී තිරිසනුන් බව කවුරුත් දන්නා විද්‍යාත්මක සත්‍යකි. මිනිසුන්ගේ බොහෝ ගතිපැවතුම්වල ද සිරිත් විරිත්වල ද සිතුවිලිවල ද තිරිසන් බව අවිඥානිකව ගැබ්ව ඇත්තේ මෙම පරිණාමික සම්බන්ධතාව නිසා විය හැක. කෙසේ වෙතත් මිනිසාගේ අහාර ලෙස ඍජුවම හෝ මිනිසාගේ වහලුන් ලෙස හෝ තිරිසන් සතුන් භාවිතා කිරීම අද ඊයේ සිට සිදුවූවක් නොවන බව නම් පැහැලිදිය. කෙසේ වෙතත් සිංහල ගොවියාගේ උසස් සිරිත් විරිත් ද මේ අතර වේ. හීය අවසන් වනතුරු මී ගොනුන්ට කෑමට කිසිත් නැත- බීමට ඇත්තේ මඩ වතුර පමණි. සී සාන ගොවියෝ හීය අවසන් වනතුරු ඇඹුල (දහවල් ආහාරය) නොගනිති. විය ගස ලිහා මී ගොන් නාවා තණ කොළ ඇති ස්ථානයකට මී ගොනුන් මුදා හැරීමෙන් පසුව ඔවුන් දවල් ආහාරය බුක්ති විඳින්නේ කෘතගුණ සැලකීමක් ලෙසය.
මී ගොන් දෙදෙනා එකට සම්බන්ධ වන්නේ විය ගසෙනි. සී සාන්නේ, වර්තමානයේදී නම් බොහෝවිට ගොයම් පැල සිටුවන්නටය, අතීතයේදී නම් වී වැපිරීමටය. ප්‍රරෝහනය වූ වී ඇට කුඹුර පුරා අතින් ඉසීම වී වැපිරිමේදී සිදු කරයි. වී පැල සිටුවීම සහ වී වැපිරීම යන දෙකටම කුඹුර හොඳින් මඩ වී තිබීම අනිවාර්යය වේ. හොඳින් මඩ කරන ලද කුඹුරට නැවත පා තබන්නේ වී වැපිරීමට හෝ ගොයම් පැල සිටුවන්නටය. සී සාන ලද කුඹුර පෑගීමට මැළිවු 'අන්දරේ' දෝලාවක නැගී වී වැපිරූ කතාව සියලු දෙනා දන්නා කතාවකි.
මෙසේ සී සෑමට අතීතයේදී මෙන්ම අද ද වියගසකට ගැට ගසන ලද නගුලක් භාවිත කරයි. විය ගස මැද සිදුරක් ඇති අතර මි ගොන් දෙදෙනාට සමාන්තරව උන් දෙදෙනා මැදින් නගුල ගස විය ගසට සම්බන්ධ වේ. විය ගසේ සිදුර ඇත්තේ නගුල් ගස සම්බන්ධ වීමටය. නගුල් ගස කෙලවරට නගුල සම්බන්ධ වේ. සී සාන ගොවියා එක අතකින් නගුල මැදට තද කර ගෙන මී ගොනුන් ඉදිරියට දක්කයි.
සාමාන්‍යයෙන් වියගසක් ලෙහෙසියෙන් කැඩී නොයන අතර කැඩී යන්නේ නගුලයි. යම් ලෙසකින් විය ගස කැඩී ගියද එය බොහෝ විට කැඩී යන්නේ මැද ඇති සිදුරින්ය. එසේ සිදුරක් සහිත නගුල් ගොවියෙක් කිසිවිටකත් විසි නොකරය. ඔවුහු ඒවා මී ළඟ හී වාරය තෙක් පරිස්සමෙන් නිවසේ හෝ යාබද මඩුවක අසුරා තබති. ඉබ්බන් කුඹුරක් අසළ සිටිය හැකි වුවද කැස්බෑවන් කරදියෙහි මිස මිරිදියෙහි ජීවත් වන්නේ නැත. විය ගසක් මුහුදට ගසාගෙන යාමට නම් හොඳ තත්වයේ ඇති වියගසක් ගොවියෙකු විශාල ඇළකට හෝ ගඟකට විසිකළ යුතුය. විසිකලද වියගසක් අඩි හතරක් පහක්වත් දිගින් යුතු නිසා කුඹුර අසලින් ගලන කුඩා ඇල දිගේ ගසාගෙන ගොස් ගඟකට පාවී නොයයි.
යම් හෙයකින් ගඟක් දිගේ ගසාගෙන ගිය සිදුරක් සහිත වියගසක් මුහුදේ පාවී තිබුනද එය තුලින් කැස්බෑවෙකු ඇස යොමු කිරීම කොතරම් දුලබ සිදුවිමක්දැයි වටහා ගත හැකිය. නමුත් වියසිදුරින් අහස බැලිය යුත්තේ දෑසම පෙනෙන කැස්බෑවකු නොව කනකැස්බැවෙකුය. ස්වභාවධර්මයේ නීතියට අනුව නම් ජීවින් අතර ඇති තරගය හේතුවෙන් කන කැස්බෑවෙකු සිටින්නට ඇති අවස්ථාවද ඉතා දුලබය.
කන කැස්බෑවෙකු සිටිය ද වියගසක් තුළින් ඌ අහස බැලුව ද එදින පුන් සඳක් පවතින දිනක් විය යුතුය. එබැවින් කන කැස්බෑවෙකු විය සිදුරින් අහස බලා පුර සඳ දැකීම කොතරම් දුලබද ? එබැවින් දුලබ බව තහවුරු කිරීමට යොදාගත් මෙම උපමාව කොතරම් අපුරුද ?